Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 2:6 - Sinhala Revised Old Version

6 එබැවින් නුඹලා ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමියාණන් වශයෙන් පිළිගත් ලෙසම උන්වහන්සේ තුළ ජීවත් වන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 2:6
22 හුවමාරු යොමු  

සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද,


උන්වහන්සේ තුළ පවතිමියි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය.


ඉතින්, සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ ප්‍රසන්නකරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද, නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාදකරමුව.


මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.


(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)


තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.


ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය.


තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.


මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.


මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,


එබැවින් නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබිනලෙස,


බොහෝ ජාතීන්ද ගොස් කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.


යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,


සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා විසින් එවනලද කවරෙකු නුමුත් පිළිගන්නා මා පිළිගන්නේය; මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේව පිළිගන්නේයයි කීසේක.


නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය, මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය.


අහෝ යාකොබ්ගේ වංශය, එන්න, ස්වාමීන්වහන්සේගේ එළියෙහි ගමන්කරමු.


නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.


මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්