Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 2:5 - Sinhala Revised Old Version

5 මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මම ශරීරාකාරයෙන් ඈත් ව සිටින නමුත්, ආධ්‍යාත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනයානුකූල හැසිරීමත්, ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථීරකමත් දැක ප්‍රීති වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 ගතින් මම ඔබ හමුවේ නැති නමුදු, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනය හා ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථිරකම දැක ප්‍රීති වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මම ශරීරාකාරයෙන් ඈත් ව සිටින නමුත්, ආධ්‍යාත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනයානුකූල හැසිරීමත්, ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථීරකමත් දැක ප්‍රීති වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 2:5
19 හුවමාරු යොමු  

නුමුත් සහෝදරයෙනි, අපි හිතෙන් නොව පෙනීමෙන් නුඹලා වෙතින් ස්වල්ප කාලයකට අහක්ව සිටිය කල, නුඹලාගේ මුහුණ දකින්ට මහත් ආශාවෙන් බොහෝ උත්සාහකළෙමුව.


ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.


අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.


මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,


නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.


ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය.


මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව.


එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.


මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවීය, උන්වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියෝය.


මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.


ශාන්ති පූජාවල තෙලත් දවන යාග සඳහාවූ පාන පූජාවලුත් ඇතුළුව දවන පූජා බොහෝසෙයින් තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිළිවෙළට යොදනලද්දේය.


එසේය, නුඹලා උදෙසාත් ලවොදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොරඇල්ලීමක් මට තිබේද කියා නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.


යමෙකුට බඩගිනි ඇත්නම් නුඹලාගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ. මා ආ විටකදී අනික් කාරණා හරිගස්සන්නෙමි.


තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ.


එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය.


දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පූජාසනය කැපකිරීම පිණිස අධිපතියෝ තමුන්ගේ පඬුරු ඔප්පුකෙරෙත්වා, එක එක අධිපතියා තම තමාගේ දවසෙහි එසේ කෙරේවායි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්