Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 9:43 - Sinhala Revised Old Version

43 තවද ඔහු සීමොන් නම් කම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

43 පේතෘස් දවස් කීපයක් සම් පදම් කරන්නකු වූ සීමොන් සමඟ යොප්පාහි නතරව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:43
12 හුවමාරු යොමු  

ඔහු මුහුද අද්දර සීමොන් නම් සම්කරුවෙකුගේ ගෙදර නවාතැන් ගෙන සිටීයයි කීවේය.


එබැවින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම්ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන්ගෙන සිටීයයි කීවේය.


මේ-යර්කොන්ද යොප්පාව ඉදිරිපිට තිබෙන පළාත ඇතුළුව රක්කොන්ද යන මේවාය.


අපිද ඔබගේ මුළු ඕනෑකමේ හැටියට ලෙබනොන් සිට ලී කපා ඒවා පහුරුබැඳ, යොප්පාවට මුහුදෙන් ඔබට ගෙනැවිත් දෙන්නෙමුව; එවිට ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යයි කීවේය.


තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.


එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.


ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.


එය යොප්පාව මුළුල්ලෙහි ප්‍රකාශවිය. බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.


ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම් සීමොන් කැඳවාගන්න.


ඔවුන්ට සියල්ල දන්වා, යොප්පාවට ඔවුන් යැවීය.


එවිට ඔහු තමාගේ ගෙයි දේවදූතයා සිටිනවා දුටු හැටිත්, යොප්පාවට මනුෂ්‍යයන් යවා පේතෘස් නම්ලත් සීමොන් කැඳවන්න,


මා කථාකරන්ට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ මුලදී අප කෙරෙහි මෙන්ම ඔවුන් කෙරෙහිත් පහළවූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්