Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 9:32 - Sinhala Revised Old Version

32 තවද පේතෘස් සියලු පළාත්වල ගමන්කරන්නේ, ලිද්දායෙහි විසූ ශුද්ධවන්තයන් වෙතටද ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 තවද පේදුරු සියලු පළාත්වල සැරිසරා, ලිද්දායෙහි විසූ සැදැහැවතුන් වෙතට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 පේතෘස්, එක් එක් තැන්හි සංචාරය කරමින් ලිද්දාහි ශුද්ධවන්තයින් බැහැදැක්මට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 තවද පේදුරු සියලු පළාත්වල සැරිසරා, ලිද්දායෙහි විසූ සැදැහැවතුන් වෙතට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:32
18 හුවමාරු යොමු  

එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි.


එබැවින් ඔව්හු සාක්ෂිදී දෙවියන්වහන්සේගේ වචනය කියාදුන්නායින් පසු, යෙරුසලමට හැරී යද්දී සමාරියයන්ගේ බොහෝ ගම්වල ශුභාරංචිය ප්‍රකාශ කළෝය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්:


දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල්, එපීසයෙහි සිටින ශුද්ධවන්තයන්ව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වග නම්:


ඔවුන් අතරෙහි නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවහුය.


එලෙසම යෙරුසලමේදීත් කෙළෙමි. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ශුද්ධවන්තයන්ගෙන් බොහෝ දෙනෙකු හිරගෙවල දැමුවෙමි, ඔවුන් මරණයට පත්කරන කල්හි ඊට කැමැත්තද දුනිමි.


ඔහු ඈට අත දී, නැගුටුවා, ශුද්ධවන්තයන්ද වැන්දඹුවන්ද කැඳවා, ජීවත්වූ ඈ ඔවුන්ට භාරදුන්නේය.


සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලමේ සිටියාවූ ප්‍රේරිතයෝ අසා, පේතෘස් සහ යොහන් ඔවුන් ළඟට යැවුවෝය.


නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.


පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව,


එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක.


පොළොවේ සිටින ශුද්ධවන්තයෝ වනාහි මාගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය.


එල්පයල්ගේ පුත්‍රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ්ය, ඔහු ඕනෝද ලොද්ද එහි ගම්ද ගොඩනැගුවේය.


ලොද්හිද හාදීද්හිද ඕනෝහිද පුත්‍රයෝ හත්සිය විසිපස් දෙනෙක්ය.


ලොද්හිද හාදිද්හිද ඕනෝහිද පුත්‍රයෝ හත්සිය විසිඑක් දෙනෙක්ය.


කර්මාන්තකාරයන්ගේ මිටියාවතේ තිබෙන ලොද්හිද ඕනෝහිද විසුවෝය.


එහි අට අවුරුද්දක් අංශභාග රෝගියෙක්ව ඔත්පළව හුන් අයිනෙයස් නම් එක්තරා මනුෂ්‍යයෙක් ඔහුට සම්බවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්