Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 8:35 - Sinhala Revised Old Version

35 එවිට පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් පටන්ගෙන, යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 එවිට පිලිප් පිළිතුරු දෙමින්, එකී ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

35 එවිට එම ශුද්ධ ලියවිලි වැකියෙන් තම කතාව ඇරඹූ පිලිප්, යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ඔහුට පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 එවිට පිලිප් පිළිතුරු දෙමින්, එකී ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 8:35
20 හුවමාරු යොමු  

මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන, සියලු ලියවිලි වල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරාදුන්සේක.


මක්නිසාද ඔහු යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව ලියවිලිවලින් පෙන්වා. ප්‍රසිද්ධයෙන් බලවත් ලෙස යුදෙව්වරුන් පරාජයකෙළේය.


මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලැබූ බවත් මිස වෙන කිසිවක් නුඹලා අතරෙහි නොදැන සිටින්ට නියමකරගතිමි.


තවද ඔව්හු ඔහුට දවසක් නියමකොට, බොහෝ දෙනෙක් ඔහු ළඟට, ඔහුගේ නවාතැනට, ආවෝය; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂිදෙමින්, යේසුස්වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගතවක්තෘවරුන්ගේ පොත්වලින් කාරණා තේරුම්කරදුන්නේය.


එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක–


දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.


එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය.


එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය නුඹලාට කථාකරන පිණිස ඇරී තිබේ, අපේ සිත විශාලවී තිබේ.


නුමුත් අපි කුරුසියෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය;


නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය.


නුමුත් කුප්‍රසේද කිරේනියේද මනුෂ්‍යයෝවූ ඔවුන්ගෙන් සමහරෙක් අන්තියෝකියට පැමිණ ග්‍රීකයන්ටත් කථාකරමින්, ස්වාමිවූ යේසුස්වහන්සේ ගැන දේශනාකළෝය.


එවිට පේතෘස් තමාගේ මුඛය හැර කථාකොට: සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය.


ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.


නුඹලා උදෙසා නියමකරනලද්දාවූ ක්‍රිස්තුස්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, එවන පිණිසද, නුඹලාගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න.


එපිකුරීය සහ ස්තෝයික පණ්ඩිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණගැසුණෝය. සමහරෙක්ද: මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස්වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවින්ය.


නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්: අනාගතවක්තෘ මේක කියන්නේ කා ගැනද? තමාම ගැනද නොහොත් වෙන කෙනෙකු ගැනදැයි කියන ලෙස නුඹෙන් ඉල්ලමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්