Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 5:23 - Sinhala Revised Old Version

23 හිරගේ ඉතා ප්‍රවේසමෙන් වසා තිබුණු බවත් රැකවලුන් දොරකඩ ඉදිරියෙහි සිටි බවත් දුටිමුව. නුමුත් දොර ඇරිය කල ඇතුළෙහි කිසි මනුෂ්‍යයෙක් සම්බ නූණේයයි දැන්නුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “සිරගෙය ඉතා සුරක්ෂිත ලෙස වසා තිබුණි. මුරකරුවන් දොරටු ළඟ සිටි බව ද දුටිමු; එහෙත් දොර ඇරිය කල ඇතුළේ කිසිවෙක් අපට හමු නො වූ හ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 “සිරගෙයි දොරටු ආරක්ෂිත ව අගුළු ලා තිබෙනු ද මුර භටයින් දොරටු මුර කරමින් සිටිනු ද අප දුටු නමුත්, දොරටු ඇරිය විට ඇතුළේ කිසිවකුත් අපට දකින්නට ලැබුණේ නෑ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “සිරගෙය ඉතා සුරක්ෂිත ලෙස වසා තිබුණි. මුරකරුවන් දොරටු ළඟ සිටි බව ද දුටිමු; එහෙත් දොර ඇරිය කල ඇතුළේ කිසිවෙක් අපට හමු නො වූ හ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 5:23
13 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක.


ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක.


නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් රාත්‍රියේ හිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනැවිත්:


එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.


ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවේයයි කියන්නේ කවුද?


ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.


නුමුත් ගියාවූ සේවකයෝ හිරගෙයි ඔවුන් නොදැක ආපසු ඇවිත්:


දේවමාළිගාවේ අධිපතියාද නායක පූජකයෝද මේ වචන අසා, මෙයින් කුමක් වන්නේදෝ කියා බොහෝ වියවුල් වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්