Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 4:7 - Sinhala Revised Old Version

7 නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්දැයි විචාළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔව්හු ප්‍රේරිතවරුන් දෙදෙනා සභාව මැද සිටුවා, “ඔබ කුමන බලයකින්, කවරෙකුගේ නාමයෙන් මෙය කළහු දැ”යි විචාළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 පේතෘස් හා යොහන් තමන් ඉදිරියට කැඳවූ ඔවුහු, “නුඹලා මේ දේ කළේ කවර බලයකින් ද? කවරකුගේ නාමයෙන් දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔව්හු අපෝස්තුළුවරුන් දෙදෙනා සභාව මැද සිටුවා, “ඔබ කුමන බලයකින්, කවරෙකුගේ නාමයෙන් මෙය කළහු දැ”යි විචාළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 4:7
12 හුවමාරු යොමු  

උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය.


නුඹ කවර බලයක් පිට මේ දේ කරන්නෙහිද? නොහොත් මේ දේවල් කරන්ට මේ බලය නුඹට දුන්නේ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය.


එකල යුදෙව්වරු: නුඹ මේ දේවල් කරන බැවින් මොන ලකුණක් අපට පෙන්වන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


නුඹලා විසින් කුරුසියෙහි ඇණගසනලද්දාවූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්‍රායෙල් සෙනඟද දැනගනිත්වා.


එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත්කළේ කවුද? නුඹ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය.


ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය.


එවිට කාමමිථ්‍යාචාරය කරද්දී අසුවූ ස්ත්‍රියෙක් ලියන්නන් හා ඵරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා,


උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා:


එවිට පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔවුන්ට කියනුයේ, සෙනඟගේ මුලාදෑනියෙනි, වැඩිමහල්ලෙනි,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්