Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 4:25 - Sinhala Revised Old Version

25 ඔබගේ මෙහෙකරුවූ අපගේ පියවූ දාවිත්ගේ මුඛයෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඔබ කථාකොට: අන්‍යජාතීහු කුමට කෝලාහල කළෝද? ජනයෝ කුමට නිෂ්ඵල දේ සිතත්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, ‘විජාතීන් කෝප වූයේ කුමට ද? ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 ශුද්ධාත්මයාණන් මඟින්, ඔබගේ සේවක-අපගේ පිය වූ දාවිත්ගේ මුවින් ඔබවහන්සේ කතා කරමින්, “ ‘කිමදෝ අන්‍ය-ජාතීන් උදහස් වන්නේ; ජනයා නිෂ්ඵල උපා යොදන්නේ?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, ‘විජාතීන් කෝප වූයේ කුමට ද? ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 4:25
5 හුවමාරු යොමු  

සහෝදරයෙනි, යේසුස්වහන්සේ ඇල්ලූ අයට මගපෙන්නුවාවූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ දාවිත්ගේ මුඛයෙන් පෙර කීවාවූ වාක්‍යය සම්පූර්ණවෙන්ට ඕනෑව තිබුණේය.


එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය.


ඒක ස්ථිර නොවන්නේය, සිද්ධ නොවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්