Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 3:4 - Sinhala Revised Old Version

4 පේතෘස් යොහන් සමඟ ඔහු දෙස ඇස් හෙළා: අප දෙස බලන්නැයි කීවේය

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 පේතෘස්, යොහන් සමඟ එක එල්ලේ ඔහු දෙස බලා, ඔහු අමතමින් “බලන්න, මෙහෙ අප දිහා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 3:4
11 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක.


පේතෘස් ඒ දැක සෙනඟට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද?


පොත අකුළා සේවකයාට දී, වැඩහුන්සේක. එකල සිනගෝගයෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි ඇස් හෙළාගෙන සිටියෝය.


ඔහු ඔත්පළව ඉන්නවා යේසුස්වහන්සේ දැක, ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන: නුඹ සුවය ලබන්ට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක.


ඒ දෙස මාගේ ඇස් යොමා කල්පනාකළ විට, පොළොවේ සිවුපාවුන්ද වන මෘගයන්ද බඩගාන ජාතීන්ද ආකාශ පක්ෂීන්ද දුටිමි.


පේතෘස්ද යොහන්ද යාච්ඤා වේලාවවූ නවවෙනි පැයේ දේවමාළිගාවට යද්දී,


ඔහු පේතෘස්ද යොහන්ද දේවමාළිගාවට ඇතුල්වෙන්ට යනවා දැක, සිඟමන් ඉල්ලුවේය.


ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය.


ඔහු පේතෘස් සහ යොහන් අල්ලාගෙන සිටියදී, මුළු සෙනඟ ඉතා පුදුමව සාලමොන්ගේයයි කියන ද්වාරමණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව දිවුවෝය.


ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්