Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 28:9 - Sinhala Revised Old Version

9 මෙය සිදුවූ කල දිවයිනේ ලෙඩ ඇති අනික් අයද පැමිණ සුවකරනු ලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 එය සිදු වූ පසු දිවයිනේ සෙසු රෝගීහු ද පැමිණියාහු සුව කරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 28:9
7 හුවමාරු යොමු  

එහෙයින් පේතෘස් එන විට ඔහුගේ සෙවණැල්ල පමණවත් යම් රෝගියෙකු පිට වැටෙන පිණිස ඔව්හු ඔවුන් පිටත වීථිවලට ගෙනැවිත් ඇඳන්වලද යහන්වලද තැබුවෝය.


තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුම සෙනඟ අතරේ කරනලද්දේය; ඔවුන් සියල්ලෝම එක්සිත්ව සාලමොන්ගේ ද්වාරමණ්ඩපයෙහි සිටියෝය.


උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


ඔව්හු මුළු දිවයින මැදින් පාපස් දක්වා ගිය කල, එක්තරා මායාකාරයෙක් වන බොරු අනාගතවක්තෘ කෙනෙක්වූ බාර්-යේසුස් නම් යුදෙව් මනුෂ්‍යයෙකු දුටුවෝය.


තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ රක්තාතිසාරයෙන් පීඩිතව ඔත්පළව උන්නේය. පාවුල් ඔහු උන් තැනට ගොස් යාච්ඤාකොට, ඔහු පිට අත් තබා, ඔහු සුවකෙළේය.


ඔව්හු අපට බොහෝ ගරුනම්බුකොට, අප පිටත්ව යන කල අපට වුවමනාදේ නැවේ පැටෙවුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්