Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 28:6 - Sinhala Revised Old Version

6 ඔහු ඉදිමෙන්නේය නොහොත් හදිසියෙන් මැරී වැටෙන්නේය කියා ඔව්හු බලා සිටියෝය. නුමුත් බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව ඔව්හු දුටු කල, තමුන්ගේ කල්පනාව වෙනස්කොට, ඔහු දෙවිකෙනෙකැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔහු ඉදිමෙනු ඇතැ යි නොහොත් හදිසියෙන් මැරී වැටෙනු ඇතැ යි ඔව්හු බලා සිටියහ. බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව දුටු කල, ඔව්හු සිය කල්පනාව වෙනස් කොට, “ඔහු දෙවි කෙනෙකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 ඔහු ඉදිමෙනු ඇත කියා හෝ මැරී වැටෙනු ඇත කියා ඔවුහු බලා සිටියහ. එසේ බොහෝ වෙලාවක් බලා සිටි නමුදු ඔහුට කිසි විපතක් සිදු නො වූ බැවින් තම අදහස් වෙනස් කර ගත් ඔවුහු, ඔහු දෙවියෙකැයි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔහු ඉදිමෙනු ඇතැ යි නොහොත් හදිසියෙන් මැරී වැටෙනු ඇතැ යි ඔව්හු බලා සිටියහ. බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව දුටු කල, ඔව්හු සිය කල්පනාව වෙනස් කොට, “ඔහු දෙවි කෙනෙකැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 28:6
6 හුවමාරු යොමු  

සෙනඟ හඬනගා කථාකොට: මෙය මනුෂ්‍යයෙකුගේ හඬ නොව දෙවිකෙනෙකුගේ හඬයයි කීවෝය.


පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.


එසේවී නම් ක්‍රිස්තුස් කියන යේසුස්ට මා විසින් කුමක් කරන්ටදැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි සියල්ලෝම කීවෝය.


මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය.


ඒ දිවයිනට ප්‍රධානියාවූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේය. ඔහු අප පිළිගෙන, තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාරකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්