Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 28:18 - Sinhala Revised Old Version

18 ඔව්හු මා ගැන විභාගකර, මරණයට සුදුසුවූ කිසි දෙයක් මා අත නොතිබුණු බැවින් මා නිදහස්කරන්ට කැමතිවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔව්හු මා ගැන විභාග කර මරණයට සුදුසු කිසි වරදක් කර නොතිබුණු බැවින් මා නිදහස් කරන්නට කැමැති වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 ඔවුන් මා විභාග කළ විට, මරණ දණ්ඩනයට හේතු වන අපරාධයක් සිදු වී නැති බැවින්, මා නිදහස් කරන්නට අදහස් කළා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔව්හු මා ගැන විභාග කර මරණයට සුදුසු කිසි වරදක් කර නොතිබුණු බැවින් මා නිදහස් කරන්නට කැමැති වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 28:18
8 හුවමාරු යොමු  

එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක් ඔහු පිට නොතබන බව දැනගතිමි.


නුමුත් පීලික්ස් ඒ මාර්ගය ගැන කාරණා වඩා හරිලෙස දැන සිටියේ, අධිපතිවූ ලිසියස් ආ කල නුඹලාගේ කාරණය තීන්දුකරන්නෙමියි කියා ඔවුන් නැවැත්තුවේය.


පාවුල්ට කථාකරන්ට ආණ්ඩුකාරයා සංඥාකළ කල්හි ඔහු උත්තරදෙමින්: ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජාතියට විනිශ්චයකාරයෙක්ව සිටින බව මම දන්න නිසා සතුටින් මාගේ කාරණය ගැන උත්තරදෙමි.


පසුවදා, හෙතෙම යුදෙව්වරු මොන කාරණයක් ගැන ඔහුට වැරදි තබත්දැයි හරියාකාර දැනගන්ට කැමතිව, ඔහු මුදා, නායක පූජකයන්ට සහ මුළු මන්ත්‍රණ සභාවට රැස්වෙන්ට අණකොට, පාවුල් ගෙනැවිත් ඔවුන් ඉදිරියෙහි සිටෙවුවේය.


නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්