Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 27:44 - Sinhala Revised Old Version

44 සෙස්සන්ට සමහරු ලෑලිවලින්ද සමහරු නැවේ කෑලිවලින්ද ගොඩට යන්ටත් අණකෙළේය. මෙසේ සියල්ලෝම ගැළවී ගොඩට පැමින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

44 සෙසු අය ලෑලි හෝ නැවේ සුන්බුන්වල ආධාරයෙන් ගොඩට යා යුතු විය. මෙසේ සියල්ලෝම ආරක්ෂා සහිතව ගොඩබිමට වන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 27:44
8 හුවමාරු යොමු  

කිසි ඇටයක් බිම නොවැටෙන හැටියට පෙනේරෙන් හලන්නාක්මෙන් මම අණකර, ඉශ්‍රායෙල් වංශය සියලු ජාතීන් අතරෙහි හලන්නෙමි.


දැන් ඉතින් ධෛර්යවත්ව සිටින ලෙස නුඹලාට අවවාදකරමි. මක්නිසාද නැව මිසක් නුඹලා අතරේ ජීවිත නැතිවීමක් නොවන්නේය.


පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය.


පාවුල් කථාකොට: මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සියයකට මුලාදෑනියාටද හේවායන්ටද කීවේය.


ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්