Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 27:2 - Sinhala Revised Old Version

2 අපි ආසියාවේ මුහුදුබඩ ස්ථානවලට යාත්‍රාකරන්ට තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැගී පිටත්වුණෙමුව; තෙසලෝනිකයේ මකිදෝනියෙක්වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 ආසියා කලාපයේ වෙරළබඩ වරායන් බලා පිටත්වීමට සූදානමින් තිබූ අද්‍රාමුත්තියේ නැවකට ගොඩ නැගුණු අපි වෙරළින් ඈත් වන්නට වීමු. තෙසලෝනිකයෙහි අරිස්තාර්කස් නම් මකිදෝනි වැසියෙක් ද අප සමඟ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 27:2
17 හුවමාරු යොමු  

එවිට නුවර වියවුලෙන් පිරුණාය. ඔව්හු, පාවුල් සමඟ ගමන්කළාවූ ඔහුගේ ගමන් හවුල්කරු මකිදෝනියේ මනුෂ්‍යයන්වූ ගායස්ද අරිස්තාර්කස්ද අල්ලාගෙන එක්සිත්ව නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවුවෝය.


මාගේ හවුල් සේවකයන් වන මාර්ක්ද අරිස්තාර්කස්ද දේමස්ද ලූක්ද නුඹට ආචාර කරති.


මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න.


අප රෝමයට ඇතුල්වුණ කල පාවුල්ට තමා මුරකළ හේවායා සමඟ තනියම සිටින්ට අවසර ලැබුණේය.


අපි සිරාකුසට පැමිණ එහි තුන් දවසක් සිටියෙමුව.


ඔව්හු අපට බොහෝ ගරුනම්බුකොට, අප පිටත්ව යන කල අපට වුවමනාදේ නැවේ පැටෙවුවෝය.


එහි සිටි ම්ලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුණාවූ වර්ෂාව නිසාද ශීතලය නිසාද ඔව්හු ගිනි පත්තුකරදී අප සියල්ලන් පිළිගත්තෝය.


නුමුත් ඒ දවස් ගතවූ විට පිටත්ව අපේ ගමන ගියෙමුව; අප නුවරින් පිටවන තුරු ඔව්හු සියල්ලෝ තමුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ අප කැටුව ආවෝය. අපි වෙරළෙහි දණින් හිඳ යාච්ඤාකොට,


යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. ඒවායේ මිල ගණන් බලා, රිදීමිල පනස් දහසක් බව දැනගත්තෝය.


ඔව්හු අම්පිපොලිස හා අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආවෝය, එහි යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණේය.


ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය.


පාර්තිවරුද මේදවරුද ඒලාම්වරුද මෙසොපොතාමියෙහිත් යුදය සහ කපදෝකියෙහිත් පොන්තසය සහ ආසියාවෙහිත්,


තවද ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවකට නැගී: අපි විලෙන් එගොඩ යමුයයි ඔවුන්ට කීසේක. එවිට ඔව්හු ඔරුව දියත්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්