Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 26:5 - Sinhala Revised Old Version

5 ඔවුන් සාක්ෂිදෙන්ට කැමති නම් අපේ ආගමේ ඉතා දෘඪතර ලබ්ධිය අනුව මා ඵරිසියෙක්ව ජීවත්වූ බව මුල පටන් මා අඳුනන ඔව්හු දනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 අපේ ආගමේ ඉතා දැඩිතර නිකාය අනුව, මා පරිසිවරයෙකු ව ජීවත් වූ බව ඔව්හු බොහෝ කලෙක සිට දනිති; කැමැති නම් ඔවුන්ට ඒ ගැන සාක්ෂි දෙත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 බොහෝ කලෙක පටන් ඔවුහු මා හඳුනති. එබැවින් අප දහමේ ඉතාම දැඩි නිකායට අනුව පරිසිවරයකුව මා ජීවත් වූ බවට සාක්ෂි දරන්නට කැමති නම් ඔවුනට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 අපේ ආගමේ ඉතා දැඩිතර නිකාය අනුව, මා පරිසිවරයෙකු ව ජීවත් වූ බව ඔව්හු බොහෝ කලෙක සිට දනිති; කැමැති නම් ඔවුන්ට ඒ ගැන සාක්ෂි දෙත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 26:5
7 හුවමාරු යොමු  

එහෙත් පාවුල් සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුද අනික් කොටස ඵරිසිවරුද බව දැක සභාවෙහි මොරගසා: සහෝදරයෙනි, මම එරිසියෙක්මි, ඵරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන්ගේ බලාපොරොත්තුවද නැවත-නැගිටීමද ගැන විචාරනු ලබමියි කීවේය.


මම කිලිකියේ තාර්සස්හි උපන් යුදෙව්වෙක්ය, නුමුත් මේ නුවර වැඩී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාදමූලයෙහි උගන්වනු ලැබ, අද නුඹලා සියල්ලන් සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිටියෙමි.


මක්නිසාද මේ මනුෂ්‍යයා දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියයන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද දැනගතිමුව,


ඒ ගැන උත්තම පූජකයාද වැඩිමහල්ලන්ගේ මුළු සභාවද මට සාක්ෂි දරති. ඔවුන්ගෙනුත් සහෝදරයන්ට ලියුම් ලබාගන, දමස්කයේ සිටි අයටත් දඬුවම්කරන පිණිස ඔවුන් බැඳ යෙරුසලමට ගෙනෙන්ට එතැනට ගමන්කෙළෙමි.


නුමුත් මේක ඔබ ඉදිරියෙහි ඒත්තුගනිමි: එනම්, ලබ්ධියක්යයි කියා ඔවුන් කියන්නාවූ මාර්ගය ලෙස මම අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට සේවයකරමි. ව්‍යවස්ථාවේද අනාගතවාක්‍යවලද ලියා තිබෙන සියල්ලත් විශ්වාස කරමි.


නුමුත් අදහාගත්තාවූ, ඵරිසිවරුන්ගේ ලබ්ධියට අයිතිවූ සමහරෙක් නැගිට, චර්මඡේදයකරන්ටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව රක්ෂාකරන ලෙස ඔවුන්ට අණකරන්ටත් ඕනෑයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්