Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 26:15 - Sinhala Revised Old Version

15 මමද: ස්වාමිනි, ඔබ කවුදැයි ඇසුවෙමි. ස්වාමීන්වහන්සේද: මම නම් නුඹ පීඩාකරන යේසුස්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මම ද, ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසුවෙමි. සමිඳාණන් වහන්සේ ද; ‘මම නම් ඔබ පීඩා කරන ජේසුස් වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 “ ‘ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?’ යි එවිට මා ඇසුවා. “ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, ‘ඔබ විසින් වධ හිංසා කරන යේසුස් මමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මම ද, ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසුවෙමි. සමිඳාණන් වහන්සේ ද; ‘මම නම් ඔබ පීඩා කරන ජේසුස් වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 26:15
6 හුවමාරු යොමු  

එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමි: සැබවක් නුඹලාට කියමි–මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයයි කියනසේක.


එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.


මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය.


අප සියල්ලෝම බිම වැටුණු කල: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාද? කෙවිටට පයින් ගැසීම නුඹට අන්තරාදායකයයි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන්නාවූ ශබ්දයක් ඇසීමි.


නුමුත් නැගිට කෙලින් සිටින්න. මක්නිසාද යම් යම් දේ සඳහා නුඹ මා දුටුයෙහිද, නුඹට ප්‍රකාශවන්නෙම්ද, ඒ දේවල් ගැන නුඹ සේවකයෙක්ද සාක්ෂිකාරයෙක්ද කොට නියමකරන පිණිස මම නුඹට පෙනුණෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්