Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 25:2 - Sinhala Revised Old Version

2 නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ ප්‍රධානීහුද පාවුල්ට විරුද්ධව පෙස්තුස්ට දැනුම්දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 නායක පූජකයෝ ද ජුදෙව්වරුන්ගේ ප්‍රධානීහු ද පාවුලුට විරුද්ධ ව ෆෙස්තුස්ට පැමිණිලි කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 එහිදී නායක පූජකයෝ හා යුදෙව් නායකයෝ පාවුල්ට එරෙහි පැමිණිල්ල ඔහුට ඉදිරිපත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 නායක පූජකයෝ ද ජුදෙව්වරුන්ගේ ප්‍රධානීහු ද පාවුලුට විරුද්ධ ව ෆෙස්තුස්ට පැමිණිලි කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 25:2
8 හුවමාරු යොමු  

මා යෙරුසලමට ගිය විට නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු ගැන මට දන්වමින්, ඔහුට විරුද්ධව විනිශ්චය ඉල්ලුවෝය.


පස් දවසකට පසු උත්තම පූජකවූ අනනියස් සමහර වැඩිමහල්ලන්ද තෙර්තුලස් නම් එක්තරා ව්‍යක්තයෙක්ද සමඟ බැස ඇවිත් පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයාට පැමිණිලිකෙළේය.


මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.


ඔහුගේ කෑමෙන් තෘප්තිමත් නොවූ කෙනෙක් පෙන්වන්නේ කවුදැයි මාගේ කූඩාරමේ මනුෂ්‍යයෝ නොකීවෝ නම්,


පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.


තුන් දවසකට පසු පාවුල් යුදෙව්වරුන්ගේ ප්‍රධානීන් කැඳෙවුවේය. ඔවුන් රැස්වූ කල ඔහු ඔවුන්ට කථාකොට: සහෝදරයෙනි, මම සෙනඟටවත් අපේ පියවරුන්ගේ නියෝගවලටවත් විරුද්ධව කිසි දෙයක් නොකෙළෙමි. නුමුත් හිරකාරයෙක්ව යෙරුසලමෙන් රෝමයන්ගේ අත්වලට භාරදෙනු ලැබීමි.


අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්