Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 24:24 - Sinhala Revised Old Version

24 කීප දවසකට පසු පීලික්ස් යුදෙව් ස්ත්‍රියෙක්වූ තමාගේ භාර්යාව වන දෘසිල්ලා සමඟ ඇවිත් පාවුල් ගෙන්වා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇත්තාවූ ඇදහිල්ල ගැන ඔහු කථාකරනවා ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 කීප දවසකට පසු ෆීලික්ස් ජුදෙව් ස්ත්‍රියක වූ ඩෘසිල්ලා නම් තම භාර්යාව සමඟ අවුත් පාවුලු ගෙන්වා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ගැන ඔහු කතා කරනු ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 ටික දිනකට පසු පීලික්ස්, යුදෙව් ස්ත්‍රියක වූ දෘසිල්ලා නම් සිය භාර්යාව කැටිව අවුත්, පාවුල් කැඳවා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල ගැන ඔහු කතා කරනු අසා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 කීප දවසකට පසු ෆීලික්ස් ජුදෙව් ස්ත්‍රියක වූ ඩෘසිල්ලා නම් තම භාර්යාව සමඟ අවුත් පාවුලු ගෙන්වා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ගැන ඔහු කතා කරනු ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 24:24
13 හුවමාරු යොමු  

මක්නිසාදයත් යොහන් ධර්මිෂ්ඨවූ ශුද්ධවූ මනුෂ්‍යයෙකු බව හෙරොද් දැන, ඔහුට භයව, ඔහු ආරක්ෂාකෙළේය. තවද ඔහුගේ බස් අසා හෙරොද් බොහෝසේ වියවුල්විය; නුමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන් දුන්නේය.


යේසුස්වහන්සේ කවුද කියා බලන්ට සෙවීය; නුමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකිවිය.


හෙරොද් යේසුස්වහන්සේ දැක, ඉතා සන්තෝෂවූයේය. මක්නිසාද ඔහු උන්වහන්සේ ගැන අසා තිබුණු බැවින්, බොහෝ කලක සිට උන්වහන්සේ දකින්ට කැමතිව සිටියේය, උන්වහන්සේ යම් ආශ්චර්යයක් කරනවා දකින්ටද ඔහු බලාපොරොත්තුවූයේය.


ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.


දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.


ඔහු ධර්මිෂ්ඨකමද පමණ දැන ක්‍රියාකිරීමද පැමිණෙන්නාවූ විනිශ්චයද ගැන කථාකරද්දී පීලික්ස් භයපත්ව: දැනට යන්න; මට ප්‍රස්තාවක් ලැබුණාම නුඹට අඬගස්වන්නෙමියි කීවේය.


එසේවී නුමුත් දෙවියන්වහන්සේගෙන් වන පිහිට ලැබ, ලොකු කුඩා අයට සාක්ෂිදෙමින්, ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ට ඕනෑ බව සහ පළමුකොට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ සෙනඟටද අන්‍යජාතීන්ටද එළිය ප්‍රකාශ කරනසේකැයි යන


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.


මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.


නුඹලාගෙන් මේක පමණක් දැනගන්ට කැමැත්තෙමි: එනම්, නුඹලා ආත්මයාණන්වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙනද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද? නුඹලා මෙපමණ අඥානද?


යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බව විශ්වාසකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති. ඉපදෙවු තැනන්වහන්සේට ප්‍රේමකරන සෑමදෙනම උන්වහන්සේගෙන් උපන් තැනැත්තාටත් ප්‍රේමකරති.


ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය.


මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්