Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 24:16 - Sinhala Revised Old Version

16 ඒ නිසා මම දෙවියන්වහන්සේ කෙරෙහිත් මනුෂ්‍යයන් කෙරෙහිත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්ටද නිතරම උත්සාහකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැමවිට පරිශ්‍රම දරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 24:16
20 හුවමාරු යොමු  

පාවුල් ඉතා ඕනෑකමින් සභාව දෙස ඇස් හෙළා: සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු ආකාර යහපත් හෘදයසාක්ෂියක් ඇතුව හැසුරුණෙමියි කීවේය.


ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.


ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.


නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.


මක්නිසාද ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද?


මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.


ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය.


පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.


මක්නිසාද මට විරුද්ධව කිසිවක් ඇති බව නොදනිමි; නුමුත් ඒ නිසාම නිදොස් නොවෙමි. මා විනිශ්චයකරන්නේ ස්වාමීන්වහන්සේය.


නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.


මක්නිසාද යමෙක් දෙවියන්වහන්සේ කෙරෙහිවූ හෘදයසාක්ෂිය නිසා අයුතුලෙස පීඩා විඳිමින් දුක් ඉවසන්නේ වී නම්, ඒක ප්‍රශංසනීය දෙයක්ය.


අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.


කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?


මම රෑ දාවල් කඩනැතුව මාගේ යාච්ඤාවලදී නුඹ සිහිකරමින්, මුතුන් මුත්තණුවන් පටන් පවිත්‍ර හෘදයසාක්ෂියකින් මා සේවයකරන දෙවියන්වහන්සේට ස්තුතිකරමි.


අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.


ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදයසාක්ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය.


එනම් නුඹ ඇදහිල්ල සහ යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිට, ඒ වාක්‍යවලින් යහපත් යුද්ධය කරන ලෙසය. සමහරු ඒ හෘදයසාක්ෂිය අත්හැරදමා, ඇදහිල්ල නමැති නැව බිඳගත්තෝය.


මට බලවත් ශෝකයද හෘදයෙහි නිරන්තර වේදනාවද තිබේයයි බොරු නොකියා ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑව කියමි.


මම මාගේම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙක් ගැළවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කරම්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්