Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:13 - Sinhala Revised Old Version

13 මේ කුමන්ත්‍රණය කළාවූ අය සතළිස් දෙනෙකුට වැඩිව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මේ කුමන්ත්‍රණය කළ අය සතළිස්දෙනෙකුට වැඩි වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 මෙසේ කුමන්ත්‍රණ කළෝ හතළිස් දෙනකුටත් වැඩි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මේ කුමන්ත්‍රණය කළ අය සතළිස්දෙනෙකුට වැඩි වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:13
5 හුවමාරු යොමු  

ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.


අහිතොපෙල් කුමන්ත්‍රණකාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වනලද්දේය. එවිට දාවිත්: අහෝ, ස්වාමීන්වහන්ස, අහිතොපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරවුව මැනවයි කීවේය.


අබ්සලොම් පූජා ඔප්පුකරන අතර දාවිත්ගේ මන්ත්‍රියෙක්වූ ගීලොනිය අහිතොපෙල් ඔහුගේ නුවරවූ ගීලොයෙන් ගෙන්වාගත්තේය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතුවුණෝය.


පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය.


ඔව්හු නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට ගොස්: පාවුල් මරන තුරු අපි කිසි කෑමක රස නොබලන්ට මහත් දිවිරිල්ලකින් අපම බැඳගතිමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්