Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:11 - Sinhala Revised Old Version

11 එදා රාත්‍රියේ ස්වාමීන්වහන්සේ ඔහු ළඟ සිට: ධෛර්ය ඇතුව සිටින්න. නුඹ විසින් යෙරුසලමේදී මා ගැන සාක්ෂිදුන් සේම රෝමයේදීත් සාක්ෂි දෙන්ට ඕනෑයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එදා රාත්‍රියේ සමිඳාණන් වහන්සේ පාවුලු ළඟ සිට, “ධෛර්යවත් වෙන්න ඔබ ජෙරුසලමේ දී මා ගැන සාක්ෂි දුන් සේ ම, රෝමයේ දීත් සාක්ෂි දිය යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙසම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එදා රාත්‍රියේ සමිඳාණන් වහන්සේ පාවුලු ළඟ සිට, “ධෛර්යවත් වෙන්න ඔබ ජෙරුසලමේ දී මා ගැන සාක්ෂි දුන් සේ ම, රෝමයේ දීත් සාක්ෂි දිය යුතු ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:11
27 හුවමාරු යොමු  

මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය.


ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි දර්ශනයකින් පාවුල්ට කථාකොට: නුඹ භයනොවී, නිශ්ශබ්දව නොසිට, කථාකරන්න.


නුමුත් මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්‍රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි.


එහෙත් යේසුස්වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කථාකොට: ධෛර්යවත් වෙන්න; මමය; භය නොවෙන්නැයි කීසේක.


මෙසේ මාගේ බැඳුම් ක්‍රිස්තුස්වහන්සේ නිසා පැමුණුණ බව මුළු රජගෙදරද අනිකුත් සියල්ලන්ටද ප්‍රකාශවී තිබේ.


භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.


එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක.


නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.


පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.


එවිට උන්වහන්සේ මට දර්ශනයවී: නුඹ ප්‍රමාද නොවී ඉක්මනින් යෙරුසලමෙන් යන්න. මක්නිසාද මා ගැන නුඹේ සාක්ෂිය ඔව්හු පිළි නොගන්නෝයයි මට කීසේක.


දැන් ඉතින් ආත්මයෙන් බඳිනු ලැබ, මම යෙරුසලමට යමි, එහිදී මට මක්වේද කියා නොදනිමි.


මක්නිසාද දාවිත් උන්වහන්සේ ගැන කථාකරමින්: ස්වාමීන්වහන්සේ නිතරම මා ඉදිරියෙහි සිටිනවා දුටිමි; මා සොලවනු නොලබන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටිනසේක.


මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.


නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.


මක්නිසාද දිළිඳාගේ ආත්මය විනිශ්චය කරන්නන්ගෙන් ගළවන පිණිස උන්වහන්සේ ඔහුගේ දකුණතින් සිටිනසේක.


ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට සාක්ෂි දෙන්ට ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමියි කීවේය.


මක්නිසාද නුඹ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට නුඹ උන්වහන්සේ උදෙසා සාක්ෂිකාරයෙක් වන්නෙහිය.


මම නිදහස් කෙනෙක් නොවෙම්ද? මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ නුදුටිම්ද? ස්වාමීන්වහන්සේ තුළ නුඹලා මාගේ කර්මාන්තය නොවවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්