Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 22:18 - Sinhala Revised Old Version

18 එවිට උන්වහන්සේ මට දර්ශනයවී: නුඹ ප්‍රමාද නොවී ඉක්මනින් යෙරුසලමෙන් යන්න. මක්නිසාද මා ගැන නුඹේ සාක්ෂිය ඔව්හු පිළි නොගන්නෝයයි මට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 උන් වහන්සේ මට දර්ශනය වී: ‘මා ගැන ඔබේ සාක්ෂිය ඔවුන් නොපිළිගන්නා බැවින් පමා නොවී ජෙරුසලමෙන් යන්නැ’යි මට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 ස්වාමින්වහන්සේ මා අමතනු දුටුවා; උන්වහන්සේ, ‘ඉක්මන් කරන්න! හනික යෙරුසලමෙන් පිටවන්න; මන්ද මා ගැන ඔබ කී සාක්ෂිය ඔවුන් පිළිගන්නේ නැතැ’ යි කීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 උන් වහන්සේ මට දර්ශනය වී: ‘මා ගැන ඔබේ සාක්ෂිය ඔවුන් නොපිළිගන්නා බැවින් පමා නොවී ජෙරුසලමෙන් යන්නැ’යි මට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 22:18
7 හුවමාරු යොමු  

එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.


ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.


කවරෙක් නුමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්න.


ස්වාමීන්වහන්සේගේ නාමයෙන් භය නැතුව කථාකෙළේය. ඔහු ග්‍රීක් යුදෙව්වරුන් සමඟ කථාකරමින් වාදකෙළේය; නුමුත් ඔව්හු ඔහු මරන්ට සෙවුවෝය.


එබැවින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද,


මම නිදහස් කෙනෙක් නොවෙම්ද? මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ නුදුටිම්ද? ස්වාමීන්වහන්සේ තුළ නුඹලා මාගේ කර්මාන්තය නොවවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්