Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 22:1 - Sinhala Revised Old Version

1 සහෝදරයෙනි, පියවරුනි, මා දැන් නුඹලාට කියන්නාවූ මාගේ විත්තිය අසන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 “සහෝදරයිනි, පියවරුනි, මා නිදහසට කියන කරුණුවලට සවන් දෙන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 22:1
21 හුවමාරු යොමු  

ස්තේපන් කථාකොට කියනුයේ: ‍ සහෝදරයෙනි, පියවරුනි, ඇහුම්කන්දෙන්න. අපගේ පියවූ ආබ්‍රහම් හාරන්හි විසීමට පළමුවෙන් මෙසොපොතාමියෙහි සිටි කාලයෙහි මහිමාන්විත දෙවියන්වහන්සේ ඔහුට පෙනී:


මාගේ පළමුවෙනි උත්තර දීමේදී කිසිවෙක් මා සමඟ නොසිට සියල්ලෝම මා අත්හැර ගියෝය. ඒක ඔවුන්ගේ ගණනට තබන්ට නොයෙදේවා.


නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.


අනික් පක්ෂය මාගේ බැඳුම්වලදී මට පීඩා උපදවන්ට සිතා පිරිසිදුලෙස නොව පක්ෂවාදිකමෙන්ද, ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශකරති.


නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනාකරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම්වලදීද ශුභාරංචිය ගැන උත්තරදීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමඟ අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි.


අපිම නුඹලා ඉදිරියෙහි නිදොස්වන්ට උත්සාහකරමුයයි මෙපමණ කල් නුඹලා සිතන්ට ඇත. අප කථාකරන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළය. නුමුත්, ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල නුඹලාගේ වර්ධනයවීම පිණිසය.


එසේය, මෙන්න, දේවකැමැත්තේ හැටියට ශෝකවීම යන කාරණයෙන් නුඹලා තුළ කොපමණ උනන්දුකමත් කොපමණ නිදොස්කරගැනීමත් කොපමණ අමනාපවීමත් කොපමණ භයත් කොපමණ ආශාවත් කොපමණ ජ්වලිතකමත් කොපමණ යුක්තිය සිදුකිරීමේ අදහසත් හටගත්තා නොවේද! මේ කාරණය සම්බන්ධව නුඹලා නිදොස් බව නුඹලා සියලු ආකාරයෙන්ම ඔප්පුකළහුය.


මා විචාරන්නන්ට මාගේ උත්තරය නම් මේකය.


මක්නිසාද ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද?


තුන් දවසකට පසු පාවුල් යුදෙව්වරුන්ගේ ප්‍රධානීන් කැඳෙවුවේය. ඔවුන් රැස්වූ කල ඔහු ඔවුන්ට කථාකොට: සහෝදරයෙනි, මම සෙනඟටවත් අපේ පියවරුන්ගේ නියෝගවලටවත් විරුද්ධව කිසි දෙයක් නොකෙළෙමි. නුමුත් හිරකාරයෙක්ව යෙරුසලමෙන් රෝමයන්ගේ අත්වලට භාරදෙනු ලැබීමි.


ඔහු මෙසේ තමා ගැන උත්තරදෙද්දී පාවුල්, නුඹට ඔල්මාදය; බොහෝ උගත්කමෙන් නුඹ ඔල්මාදවී සිටින්නෙහියයි පෙස්තුස් මහත් හඬින් කීවේය.


මම ඔවුන්ට උත්තරදෙමින්: යම් වරද තබනු ලැබූවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේයයි කීවෙමි.


පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමියි කීවේය.


පාවුල්ට කථාකරන්ට ආණ්ඩුකාරයා සංඥාකළ කල්හි ඔහු උත්තරදෙමින්: ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජාතියට විනිශ්චයකාරයෙක්ව සිටින බව මම දන්න නිසා සතුටින් මාගේ කාරණය ගැන උත්තරදෙමි.


එහෙත් පාවුල් සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුද අනික් කොටස ඵරිසිවරුද බව දැක සභාවෙහි මොරගසා: සහෝදරයෙනි, මම එරිසියෙක්මි, ඵරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන්ගේ බලාපොරොත්තුවද නැවත-නැගිටීමද ගැන විචාරනු ලබමියි කීවේය.


පාවුල් ඉතා ඕනෑකමින් සභාව දෙස ඇස් හෙළා: සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු ආකාර යහපත් හෘදයසාක්ෂියක් ඇතුව හැසුරුණෙමියි කීවේය.


යුදෙව්වරුන් විසින් ඉදිරිපත් කරනලද අලෙක්ෂන්දර් ඔව්හු සමූහයා අතරෙන් ගෙනාවෝය. අලෙක්ෂන්දර්ද අතින් සංඥාකොට, සමූහයාට උත්තරදෙන්ට කැමතිවිය.


සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය.


එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න.


ඔවුන් සිනගෝගවලටද ප්‍රධානීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද නුඹලා ගෙනයන කල, උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්