Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 21:24 - Sinhala Revised Old Version

24 ඔවුන් රැගෙන නුඹද ඔවුන් සමඟ පවිත්‍රව, ඔවුන්ගේ හිස් මුඩුකරන්ට වියදම දරන්න. එවිට නුඹ ගැන තමුන්ට ආරංචිවූ කාරණාවලින් එකක්වත් සැබෑ නොවන බවත් නුඹම ව්‍යවස්ථාව රක්ෂාකරමින් හැසිරෙන බවත් සියල්ලන්ම දැනගන්නවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 මොවුන් කැටිව ගොස්, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙතට සම්බන්ධ වී, එහි වියදම් ඔබම දරන්න. එවිට හිස මුඩු කර ගන්නට ඔවුන්ට හැකියි. ඔබ ගැන වූ ආරංචිවල සත්‍යයක් නැති බවත්, ඔබ දහම් නීති සංග්‍රහයට යටත්ව ජීවත් වන බවත් සැවොම දැන ගනීවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 21:24
20 හුවමාරු යොමු  

එවිට පාවුල් ඒ මනුෂ්‍යයන් රැගෙන, පසුවදා ඔවුන් සමඟ පවිත්‍ර වී දේවමාළිගාවට පැමිණ, ඔවුන් එකිනෙකා උදෙසා පූජාවක් ඔප්පුකරන තුරු පවිත්‍රවීමේ දවස් සම්පූර්ණකරන බව දැන්නුවේය.


ඒ අතරේදී සමූහයක්වත් කෝලාහලයක්වත් නැතුව, මා දේවමාළිගාවෙහි පවිත්‍රකරනු ලැබ සිටිනවා ඔවුන්ට සම්බවිය. එහෙත් ආසියාවේ සිට ආවාවූ සමහර යුදෙව්වරු එහි සිටියෝය.


මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.


යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි.


මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස අවුත් ඔවුන් පවිත්‍රකෙළේය; ඔව්හු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලාගත්තෝය.


මක්නිසාද යාකොබ් වෙතින් සමහරුන් එන්ට පළමුවෙන් ඔහු අන්‍යජාතීන් සමඟ කෑවේය. නුමුත් ඔවුන් ආ කල ඔහු චර්මඡේද්‍යවූවන්ට භයව පසුබැස වෙන්ව සිටියේය.


එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළංව තිබුණේය. බොහෝ දෙනෙක් තමුන්ම පවිත්‍රකර ගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත්වලින් නික්ම යෙරුසලමට ගියෝය.


එකල යොහන්ගේ ගෝලයන් හා යුදෙව්වෙකු අතරේ පවිත්‍රවීම ගැන වාදයක් හටගත්තේය.


ඌ නැගිටින කල බලවන්තයෝ භයපත්වී, අධික භය නිසා උමතුවෙති.


ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.


මක්නිසාද නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඔහුගේ හිසට කිසි දැළිපිහියක් නොපැමිණිය යුතුය. මක්නිසාද දරුවා ගර්භයේ පටන් දෙවියන්වහන්සේට නාශරියයෙකු විය යුතුය. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්‍රායෙල් ගළවන්ට පටන්ගන්නවා ඇතැයි ඈට කීවේය.


නසරීයයාද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී තමාගේ කැපවීමේ හිස බූගා ඒ ඔහුගේ කැපවූ හිසකේ ගෙන ශාන්ති පූජා යාගයයට තිබෙන ගින්නෙහි දමාවා.


නසරීයයාගේ කැපව සිටීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ගැන ව්‍යවස්ථාව මේය: ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පමුණුවනු ලැබ,


නුමුත් ඔහුගේ කැපවූ හිස අපවිත්‍රවෙන පරිද්දෙන් යමෙක් ඔහු ළඟ ඉතා හදිසියෙන් මළොත්, ඔහු පිරිසිදුවෙන දවසේ එනම් සත්වෙනි දවසේ තමාගේ හිස බූගා ගනීවා.


ඔහු තමාගේ කැපව සිටීමේ භාරයේ සියලු දවස්වල ඔහුගේ හිසෙහි කිසි දැළි පිහියක් නොතිබිය යුතුය. ඔහු ස්වාමීන්වහන්සේට වෙන්ව සිටින දවස් සම්පූර්ණවන තෙක් ශුද්ධව සිටින්නේය, තමාගේ හිසකේ වැඩෙන්ට හරින්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්