Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:17 - Sinhala Revised Old Version

17 ඔහු මිලේතසෙන් එපීසයට පණිවිඩ යවා, සභාවේ වැඩිමහල්ලන් කැඳවූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 ඔහු මිලේතස සිට එපීස සභා-මූලිකයින් කැඳවා පණිවුඩ යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:17
15 හුවමාරු යොමු  

මා එන විට නුඹ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් නුඹ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය;


ඔව්හු එසේ කරමින්, බාර්ණබස් සහ සාවුල් අත වැඩිමහල්ලන්ට ඒවා හැරියෝය.


යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.


නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා.


දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.


ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,


වැඩිමහල්ලා වන මා විසින් සත්‍යතාවෙහි ප්‍රේමකරන ප්‍රේමවන්ත ගායස්ට ලියා එවන වග නම්:


වැඩිමහල්ලා වන මා විසින්ද, අප තුළ පවතින්නාවූ සදාකල්ම අප සමඟ තිබෙන්නාවූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නාවූ සියල්ලන් විසින්ද,


ඉතින් වැඩිමහල්ලේක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනාකරමි.


ඔව්හු නුවරින් නුවරට ගමන්කරද්දී යෙරුසලමේ සිට ප්‍රේරිතයන් විසින්ද වැඩිමහල්ලන් විසින්ද පනවනලද නියෝග පවත්වන්ට ඔවුන්ට භාරදුන්නෝය.


ඔවුන් අත මෙසේ ලියා යැවුවෝය. ප්‍රේරිතයන්ද සහෝදරවූ වැඩිමහල්ලන්ද අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් කිලිකියෙහිත් වසන අන්‍යජාතිවූ සහෝදරයන්ට ශුභසිද්ධවන ලෙස ලියා එවන වගනම්–


ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ.


ඔව්හු යෙරුසලමට පැමිණි කල සභාව විසින්ද ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් විසින්ද පිළිගන්නාලදුව, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියලු දේ දැන්වුවෝය.


ඔවුන් එපීසයට පැමිණ, ඔහු ඔවුන් එහි සිටින්ට හැර, තමාම සිනගෝගයට ගොස් යුදෙව්වරුන් සමඟ තර්කකෙළේය.


අපි එතැනින් යාත්‍රාකොට, පසුවදා කියොස් ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොස්ට ළඟාවී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්