Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:7 - Sinhala Revised Old Version

7 ඔවුන් සියල්ලෝ විස්මිතව පුදුමවී: බලව, මේ කථාකරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, “බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 විස්මයෙන් වික්ෂිප්ත වූ ඔවුහු, කතා කරමින්, “මෙලෙස කතා කරන මේ සියල්ලෝ ගලීලයින් නො වෙත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, “බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:7
12 හුවමාරු යොමු  

ඔවුන් සියල්ලෝ විස්මිතව වියවුල්ව: මේ කිමෙක්දැයි ඔවුනොවුන් කථාකරගත්තෝය.


ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.


ඔව්හු උත්තරදෙමින්: නුඹත් ගලීලයෙන්ද? ගලීලයෙන් අනාගතවක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලන්නැයි ඔහුට කීවෝය.


දේවමාළිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමින් ඉඳගන උන් තැනැත්තා ඔහු බව දැන, ඔහුට සිද්ධවූ කාරණය ගැන පුදුමයෙන්ද විස්මයෙන්ද පිරුණෝය.


ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත්වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය.


එකල ඔවුන්ගේ පුදුමය කෙතරම් වීදයත්, සියල්ලෝම: මේ කිමෙක්ද? අලුත් ඉගැන්වීමක්ය. මුන්වහන්සේ බලයෙන් යුක්තව අශුද්ධාත්මයන්ට පවා අණකරනසේක, ඔව්හු උන්වහන්සේට කීකරුවෙතියි ඔවුනොවුන් අතරේ කථාකරගත්තෝය.


ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය.


සමූහයෝද: මුන්වහන්සේ ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘවූ යේසුස්වහන්සේයයි කීවෝය.


යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි.


අප උපන් දේශවල අප එකිනෙකාගේම භාෂාවෙන් ඔවුන් කථාකරනවා කෙසේ අසමුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්