Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:5 - Sinhala Revised Old Version

5 එකල අහසින් යට තිබෙන සියලු දේශවලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරු යෙරුසලමේ වාසයකරමින් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 අහසින් යට ලොව හැම ජාතියකින්ම වූ භක්තිවන්ත යුදෙව්වරු මෙකල්හි යෙරුසලමේ විසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:5
17 හුවමාරු යොමු  

භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදානකොට, ඔහු ගැන බොහෝසෙයින් වැලපුණාහ.


බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක.


නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි.


එවිට ව්‍යවස්ථාව ප්‍රකාරයට භක්තිවන්තවූ, එහි වසන සියලු යුදෙව්වරුන් විසින් යහපත් කෙනෙකැයි කියනලද්දාවූ


නුමුත් යුදෙව්වරු භක්තිවන්ත කුල ස්ත්‍රීන්ද නුවර ප්‍රධානීන්ද පොලඹවා, පාවුල් සහ බාර්ණබස්ට විරුද්ධව පීඩාවක් උපදවා, තමුන්ගේ සීමාවලින් ඔවුන් පිටතට ලූවෝය.


ඔහු සමඟ කථාකළ දේවදූතයා ගිය කල, ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙකළවුන්ගෙන් භක්තිවන්ත හේවායෙකුත් කැඳවා,


ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය.


ඔහු නැගිට ගියේය. එකල එතියෝපිය රට වැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තාවූද, ඇගේ මුළු වස්තුවේ භාණ්ඩාගාරිකවූද, නපුංසකවූ එතියෝපියයෙක් නමස්කාරකරන පිණිස යෙරුසලමට ගොස් ආපසු යන්නේ,


තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය.


මංගල්‍යයේදී නමස්කාරකරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය.


ඔවුන්ගෙන් ක්ලෙයෝපස් නම් එක්කෙනෙක් උන්වහන්සේට උත්තරදෙමින්: මේ දවස්වලදී යෙරුසලමෙහි විදේශීව සිටිමින්, එහි සිදුවූ කාරණා නොදන්නේ නුඹ පමණක්දැයි උන්වහන්සේට කීවේය.


මක්නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබළෙන්නාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී වන්නේය.


රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.


තවද සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


මක්නිසාද මම ඔවුන්ගේ ක්‍රියා සහ යෝජනා දනිමි. සියලු ජාතීන් සහ භාෂාවන් මා විසින් රැස්කිරීමට කාලය පැමිණෙන්නේය; ඔව්හු ඇවිත් මාගේ තේජස දකින්නෝය.


මුළු අහසින් යට සිටින සෙනඟවල් පිටට නුඹ නිසා තැතිගැන්ම හා භය පමුණුවන්ට අද දවසේ පටන්ගනිමි, ඔව්හු නුඹේ ප්‍රවෘත්තිය අසා නුඹ නිසා වෙවුලමින් අතිශයින් කැලඹෙන්නෝයයි කීසේක.


නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්