Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:29 - Sinhala Revised Old Version

29 සහෝදරයෙනි, කුලජ්‍යෙෂ්ඨවූ දාවිත් මැරී තැන්පත්කරනු ලැබූ බව භය නැතුව කියන්ට පුළුවන, ඔහුගේ සොහොන්ගෙය අද දක්වා අප අතරේ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 “සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 “සහෝදරවරුනි, අපගේ ආදි කුල දෙටු දාවිත් මිය ගිය බවත්, මිහිදන් කළ බවත් නිසැකව ම කියන්නට මට පුළුවන. ඔහුගේ සොහොන අද දක්වාත් අප අතරේ තියේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 “සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:29
8 හුවමාරු යොමු  

කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය.


ඉතින් මොහු කොපමණ උතුම් කෙනෙක්ව සිටියේදැයි කල්පනාකරන්න.


ඔහු ගාව බෙත්-ශූර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ අශ්බුක්ගේ පුත්‍රවූ නෙහෙමියා දාවිත්ගේ සොහොන්පළවල් ඉදිරිපිටට පැමිණෙන තුරුත් සාදනලද පොකුණ දක්වාත් බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියාකෙළේය.


පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය.


මේ දේවල් රජ්ජුරුවන්ට තේරෙන්නේය, එබැවින් එතුමාට නිදහස්ලෙස කථාකරමින්, මක්නිසාද මෙය මුල්ලකදී නොකළ බැවින් මේ දේවලින් කිසිවක් එතුමාට සැඟවී නැතැයි විශ්වාසකරමි.


ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක; ඔබගේ මුහුණෙන් ඔබ මා සන්තෝෂයෙන් පූර්ණකරනසේකැයි කීය.


ඒ ගැන උත්තම පූජකයාද වැඩිමහල්ලන්ගේ මුළු සභාවද මට සාක්ෂි දරති. ඔවුන්ගෙනුත් සහෝදරයන්ට ලියුම් ලබාගන, දමස්කයේ සිටි අයටත් දඬුවම්කරන පිණිස ඔවුන් බැඳ යෙරුසලමට ගෙනෙන්ට එතැනට ගමන්කෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්