Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 19:34 - Sinhala Revised Old Version

34 නුමුත් ඔහු යුදෙව්වෙක් බව ඔව්හු දැනගත් විට: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීය කියා දෙපැයක් පමණ සියල්ලෝම එක හඬින් මොරගැසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එහෙත් ඔහු ජුදෙව්වරයෙකු බව දැනගත් විට: “එපීසයන්ගේ අර්තෙමිස් අතිඋතුම් ය”යි කියමින් දෙපැයක් පමණ ඔව්හු සියල්ලෝ ම එක හඬින් මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 එහෙත් ඔහු යුදෙව්වකු බව වටහා ගත් ඔවුහු සියල්ලෝ, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමාවී” යි එක හඬින් දෙපැයක් පමණ තිස්සේ කෑ මොර දෙන්නට වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එහෙත් ඔහු ජුදෙව්වරයෙකු බව දැනගත් විට: “එපීසයන්ගේ අර්තෙමිස් අතිඋතුම් ය”යි කියමින් දෙපැයක් පමණ ඔව්හු සියල්ලෝ ම එක හඬින් මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 19:34
10 හුවමාරු යොමු  

ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීයයි මොරගසමින් කීවෝය.


මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවරෙකුට හැකිදැයි කීවෝය.


මුලාදෑනීන් ඉදිරියෙහි සිටෙවුවෝය, නඩුකාරයන් ළඟටද ඔවුන් ගෙනගොස්: යුදෙව්වරුවූ මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්,


තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.


කාමමිථ්‍යාචාරය නොකළ යුතුයයි කියන්නාවූ නුඹ කාමමිථ්‍යාචාරය කරනවාද? දේවරූපවලට පිළිකුල්කරන්නාවූ නුඹ දේවගෘහයන් කොල්ලකනවාද?


මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.


ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.


මක්නිසාද අර්තෙමිස්ගේ දේවාලයේ රිදී රූප සාදන්නාවූ දෙමේත්‍රියස් නම් රිදී කරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවාදුන්නේය.


යුදෙව්වරුන් විසින් ඉදිරිපත් කරනලද අලෙක්ෂන්දර් ඔව්හු සමූහයා අතරෙන් ගෙනාවෝය. අලෙක්ෂන්දර්ද අතින් සංඥාකොට, සමූහයාට උත්තරදෙන්ට කැමතිවිය.


නුවර ලේකම් තැන සමූහයා සන්සිඳුවා: එපීසයේ මනුෂ්‍යයෙනි, එපීසවරුන්ගේ නුවර වනාහි අර්තෙමිස්ගේ මාළිගාවේද සියුස් ළඟින් වැටුණාවූ රූපයේද රැකවලී බව නොදන්න මනුෂ්‍යයා කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්