Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 19:10 - Sinhala Revised Old Version

10 මෙය දෑවුරුද්දක් කෙරීගන ගියේය; මෙසේ ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 දෙවසරක කාලයක් එලෙසින් සිදු විය. මෙසේ ආසියා කලාපයේ විසූ යුදෙව් හා ග්‍රීක ජාතිකයින් හැමදෙනා ස්වාමින්වහන්සේගේ වචනය ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 19:10
23 හුවමාරු යොමු  

එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න.


පිගෙලස්ද හර්මොගෙනිස්ද ඇතුළුව ආසියාවේ සිටින සියල්ලන් මාගෙන් අහක්ව ගිය බව නුඹ දන්නෙහිය.


එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.


නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.


නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.


මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.


මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.


ඔව්හු ආසියාවේදී වචනය කියාදෙන්ට ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරනු ලැබ, පිරිගිය සහ ගලාතිය පළාත මැදින් ගියෝය;


එවිට: නුඹ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලෙදල්පියා, ලෙවාදික යන මේ සභා හතට අරින්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි.


යොහන් වන මා විසින් ආසියාවෙහි තිබෙන සභා සතට ලියා එවන වග නම්: සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ තැනන්වහන්සේගෙන්ද, උන්වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට සිටින ආත්මයාණන් සත්දෙනාගෙන්ද,


යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පේතෘස් විසින් පොන්තස්හිද ගලාතියෙහිද කප්පදොකියෙහිද ආසියාවෙහිද බිතිනියෙහිද විසරගොස් විදේශීව සිටින්නාවූ,


ඔවුන් ඔහු ළඟට ආ කල ඔහු ඔවුන්ට කථාකොට: මා ආසියාවට ආ පළමුවෙනිදා පටන් මුළු කාලය නුඹලා සමඟ ගතකළ හැටි නුඹලා දන්නහුය.


ඔහු තමාට සේවයකළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස්ද එරස්තස්ද මකිදෝනියට යවා, තමාම කලක් ආසියාවෙහි නැවතී සිටියේය.


ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය.


ඔහු දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් අතරේ උගන්වමින් එක් අවුරුදු සමසක් එහි වාසයකෙළේය.


ඔහු සියලු සබත් දවස්වල සිනගෝගයෙහිදී තර්කකර, යුදෙව්වරුන්ද ග්‍රීක්වරුන්ද ඇදහිල්ලට පමුණුවාගන්ට උත්සාහකළේය.


පාර්තිවරුද මේදවරුද ඒලාම්වරුද මෙසොපොතාමියෙහිත් යුදය සහ කපදෝකියෙහිත් පොන්තසය සහ ආසියාවෙහිත්,


එහෙත් ලිබර්තීනයන්ගේ සිනගෝගය කියන සිනගෝගයට අයිතිවූවන්ගෙන්ද කිරේනියයන්ගෙන්ද අලෙක්ෂන්ද්‍රියයන්ගෙන්ද කිලිකිය සහ ආසියාවේ වැසියන්ගෙන්ද සමහරෙක් නැගිට ස්තේපන් සමඟ විවාදකළෝය.


එකල අධිපති තෙමේ සිද්ධවූ දේ දැක, ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීමට විස්මපත්ව, අදහාගත්තේය.


එපමණ බලගතු ලෙස ස්වාමීන්වහන්සේගේ වචනය වර්ධනයවී, බලවත්වුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්