Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 18:27 - Sinhala Revised Old Version

27 තවද ඔහු අකායට යන්ට සිතූ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යකොට, ඔහු පිළිගන්නා ලෙස ගෝලයන්ට ලියා ඇරියෝය. ඔහු එහි පැමිණි කල, අනුග්‍රහය කරණකොටගෙන අදහාගන සිටි අයට බොහෝ උපකාරකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 තවද ඔහු ග්‍රීසියට යන්නට අදහස් කළ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යවත් කොට, ඔහු පිළිගන්නා ලෙස ශ්‍රාවකයනට ලියා යැව්වෝ ය. ඔහු එහි පැමිණි කල, දේව වරප්‍රසාදය කරණකොටගෙන අදහාගෙන සිටි අයට බොහෝ උපකාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 අකාය වෙත යෑමට අපොල්ලොස්ට ඕනෑ වූ කල සහෝදරයෝ ඔහු දිරිමත් කොට, සාදරයෙන් ඔහු පිළිගන්නා ලෙස එහි ගෝලයින්ට ලියා යැවූහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අදහා සිටියවුනට අපොල්ලොස්ගේ පැමිණීම මහත් පිළිසරණක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 තවද ඔහු ග්‍රීසියට යන්නට අදහස් කළ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යවත් කොට, ඔහු පිළිගන්නා ලෙස ශ්‍රාවකයනට ලියා යැව්වෝ ය. ඔහු එහි පැමිණි කල, දේව වරප්‍රසාදය කරණකොටගෙන අදහාගෙන සිටි අයට බොහෝ උපකාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 18:27
26 හුවමාරු යොමු  

මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න.


නුඹලා උන්වහන්සේ සමඟ බව්තීස්මයෙහි තැන්පත්කරනු ලැබ, උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුවාවූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකිරීම කෙරෙහි ඇදහීම කරණකොටගෙන, උන්වහන්සේ සමඟ නැගුටුවනු ලැබුවහුය.


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට පමණක් නොව, උන්වහන්සේ උදෙසා දුක්විඳින්ටත් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා නුඹලාට වරප්‍රසාදය දෙනලද්දේය.


මම මේක විශ්වාස කරන බැවින්, මා ජීවත්වී, ඇදහීමෙහි නුඹලාගේ දියුණුවීමද ප්‍රීතියද සඳහා නුඹලා සියල්ලන් සමඟ සිටින්ට යෙදෙන බව දනිමි.


එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව.


මා ආවාම නුඹලා දෙන දේ යෙරුසලමට ගෙනයන පිණිස සුදුස්සෝයයි නුඹලා සිතන තැනැත්තන් ලියුම් ඇතුව යවන්නෙමි.


නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.


ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක.


තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්: සමහර ගෝලයන් සම්බව:


මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.


නුමුත් බාර්ණබස් ඔහු ගෙන ප්‍රේරිතයන් ළඟට කැඳවාගෙන ගොස්, මාර්ගයෙහිදී ඔහු ස්වාමීන්වහන්සේව දුටු හැටිත්, උන්වහන්සේ ඔහුට කථාකළ බවත්, දමස්කයෙහිදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීතලෙස දේශනාකළ හැටිත් ඔවුන්ට කියාදුන්නේය.


මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.


එහෙත් ගලියෝ අකායේ අධිපතියාව සිටියදී යුදෙව්වරු එක්සිත්ව පාවුල්ට විරුද්ධව නැගිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්:


මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:


ඔහු සම්බව, අන්තියෝකියට කැඳවාගන ආවේය. තවද ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහිම සභාව සමඟ රැස්ව, මහත් සමූහයකට ඉගැන්නුවෝය; ගෝලයෝ ක්‍රිස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්