Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 17:3 - Sinhala Revised Old Version

3 ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියාද, නුඹලාට මා විසින් ප්‍රකාශකරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේය කියාද පෙන්වා ප්‍රකාශකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නටත්, මළවුන්ගෙන් උත්ථාන වන්නටත් යුතු ව තිබුණු බව ශුද්ධ ලියවිල්ලෙන් පාඨ ගෙනහැරපාමින් පැහැදිලි කර දුන්නේ ය. “තවද මා ඔබට ප්‍රකාශ කරන මේ ජේසුස් වහන්සේ වනාහි ක්‍රිස්තුන් වහන්සේ ම ය”යි පාවුලු ඔවුනට පහදා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 ක්‍රිස්තුස්වහන්සේ පීඩා විඳින්නටත්, මළවුන්ගෙන් නැගිටින්නටත් නියමව සිටි වග සනාථ කරමින්, ඔවුන්ට කරුණු පැහැදිලි කළේ ය. තවද, “මා ඔබට ප්‍රකාශ කරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම යැ” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නටත්, මළවුන්ගෙන් උත්ථාන වන්නටත් යුතු ව තිබුණු බව ශුද්ධ ලියවිල්ලෙන් පාඨ ගෙනහැරපාමින් පැහැදිලි කර දුන්නේ ය. “තවද මා ඔබට ප්‍රකාශ කරන මේ ජේසුස් වහන්සේ වනාහි ක්‍රිස්තුන් වහන්සේ ම ය”යි පාවුලු ඔවුනට පහදා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 17:3
16 හුවමාරු යොමු  

මක්නිසාද ඔහු යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව ලියවිලිවලින් පෙන්වා. ප්‍රසිද්ධයෙන් බලවත් ලෙස යුදෙව්වරුන් පරාජයකෙළේය.


නුමුත් සාවුල් වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල් කෙළේය.


එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය.


නුමුත් ස්වකීය ක්‍රිස්තුස්වහන්සේ විඳිනසේකැයි දෙවියන්වහන්සේ සියලු අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් පෙර දැන්නෙවුවාවූ දේවල් මෙසේ සම්පූර්ණකළසේක.


ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්,


අහෝ අඥාන ගලාතිවරුනි, කුරුසියෙහි ඇණගසනලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධලෙස දක්වනු ලැබූ නුමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද?


උන්වහන්සේ ඔවුන් සමඟ රැස්ව ඔවුන්ට ආඥාකරමින්: යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න.


මක්නිසාද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටින්ට ඕනෑයයි ලියනලද ලියවිල්ල ඒතාක්කල් ඔව්හු නොදැන සිටියෝය.


උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියනලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමඟ සිටියදීම නුඹලාට කී වචන මේයයි කීසේක.


නුමුත් සීලස්ද තිමෝතියස්ද මකිදෝනියෙන් ආ කල, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂිදෙමින්, වචනය දේශනාකිරීමේ වැඩේම යෙදී සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්