Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 17:20 - Sinhala Revised Old Version

20 මක්නිසාද සමහර අමුතු කාරණා නුඹ අපේ කන්වල හෙළන්නෙහිය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක්ද කියා දැනගන්ට කැමැත්තෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මන්ද, සමහර අපූරු කාරණ ඔබ අපේ කන්වල හෙළන්නෙහි ය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක් දැ යි දැනගන්ට කැමැත්තෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 ඔබ දෙසන සමහර අදහස් අපේ කන්වලට හරි අමුතුයි. එනිසා ඒවායේ අර්ථ දැනගැනීමට අප කැමතියි” පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මන්ද, සමහර අපූරු කාරණ ඔබ අපේ කන්වල හෙළන්නෙහි ය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක් දැ යි දැනගන්ට කැමැත්තෙමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 17:20
15 හුවමාරු යොමු  

ඔවුන් සමඟ එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔව්හු ඊට පුදුමව නුඹලාට අපහාසකරති.


නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.


නුමුත් අපි කුරුසියෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය;


මා විසින් මාගේ ව්‍යවස්ථාවේ කාරණා ඔහු උදෙසා දසදහස් ගණනකින් ලියතත්, ඒවා අන්‍ය කාරණයක් කොට සලකනු ලබන්නේය.


මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.


ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම්කරදෙන්ට අමාරුය.


තවද, තමා දුටු දර්ශනයේ අර්ථය කුමක් විය හැකිදැයි සිතා පේතෘස් වියවුල්ව සිටියදී, කොර්නේලියස් විසින් එවනලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේදැයි විභාගකර, දොරටුව ඉදිරියෙහි සිට:


ඔවුන් සියල්ලෝ විස්මිතව වියවුල්ව: මේ කිමෙක්දැයි ඔවුනොවුන් කථාකරගත්තෝය.


එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය.


මළවුන්ගෙන් නැගිටීම නම් කුමක්දැයි ඔව්හු ඔවුනොවුන් විචාරමින් ඒ කීම ධාරණයකරගත්තෝය.


එබැවින් ඔව්හු ඇරියෝපගයට ඔහු ගෙනගොස්: නුඹ කියන මේ අලුත්වූ ඉගැන්වීම කිමෙක්දැයි අපට දැනගන්ට පුළුවන්ද?


(මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියාවූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන සැටියකින් කාලය ගත නොකළෝය.)


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්