Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 16:40 - Sinhala Revised Old Version

40 එකල ඔව්හු හිරගෙයින් පිටත්ව ගොස් ලිදියාගේ ගෙට පැමිණියෝය. එහිදී සහෝදරයන් දැක, ඔවුන් ධෛර්ය කොට පිටත්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

40 සිර ගෙයින් පිටතට ආ පාවුල් හා සීලස් ලිදියාගේ නිවසට ගියහ. එහිදී හමු වූ සහෝදරයින් දිරිගැන්වූ ඔවුහු පිටත්ව ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:40
10 හුවමාරු යොමු  

මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:


අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.


තියාතිරා නුවර විසූ රත්නිල් පිළි විකුණන්නාවූ ලිදියා නම් දේවභක්ති ස්ත්‍රියෙක් අපේ වචන අසාගන සිටියාය. පාවුල් විසින් කියනලද කාරණා සලකන ලෙස ස්වාමීන්වහන්සේ ඇගේ සිත විවරකළසේක.


ඔහුගේ පියා ග්‍රීකයෙක්ය. ඔහු ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්‍රසිද්ධවූ කෙනෙක්ය.


ඔව්හු නිදහස්කරනු ලැබ, තමුන්ගේම සමාගමට ඇවිත්, නායක පූජකයන් හා වැඩිමහල්ලන් විසින් තමුන්ට කියන ලද සියල්ල දැන්වූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්