Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 16:37 - Sinhala Revised Old Version

37 නුමුත් පාවුල් ඔවුන්ට කථාකොට: ඔව්හු රෝමයන්වූ අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධයෙන් අපට තළා, හිරගෙයි දැමුවෝය; දැන් ඔවුන් රහසින් අප අරිනවාද? එසේ නොව, ඔව්හුම ඇවිත් අප පිටතට ගෙනයත්වයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 එහෙත් පාවුලු ඔවුන්ට කතා කොට, “ඔව්හු, රෝම පුරවැසියන් වන අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධියේ අපට තළා අප හිරගෙයි දැමූ හ; දැන් ඔවුන් හදන්නේ රහසින් අප පිටත් කර හරින්නට ද? එසේ කරන්නට බැරි ය, ඔව්හු ම අවුත් අප පිටතට ගෙන යත්වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 එහෙත් පාවුල් ඔවුන්ට පිළිතුරු දෙමින්, “අප රෝම පුරවැසියන්ව සිටියදීත්, නඩු විභාගයකින් තොරව, ඔවුන් අපට ප්‍රසිද්ධියේම තැලුවා; සිරගෙයි ද දැමුවා. දැන් ඔවුන්ට උවමනා වී ඇත්තේ හොර රහසේම අප නිදහස් කර හරින්නට ද? නෑ; එහෙම බැහැ; ඔවුන්ම ඇවිත් අප පිටතට ගෙන ගියා වේ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 එහෙත් පාවුලු ඔවුන්ට කතා කොට, “ඔව්හු, රෝම පුරවැසියන් වන අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධියේ අපට තළා අප හිරගෙයි දැමූ හ; දැන් ඔවුන් හදන්නේ රහසින් අප පිටත් කර හරින්නට ද? එසේ කරන්නට බැරි ය, ඔව්හු ම අවුත් අප පිටතට ගෙන යත්වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:37
11 හුවමාරු යොමු  

පනතෙන් නපුර යොදන්නාවූ දුෂ්ටකමේ සිංහාසනය ඔබ හා සම්බන්ධ වන්නේද?


කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.


ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


එබැවින් මම ඔහුට තළා, නිදහස්කොට හරිමියි කීයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්