Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 16:3 - Sinhala Revised Old Version

3 තමා සමඟ ඔහු යනවාට පාවුල් කැමතිව, ඒ පළාත්වල සිටි යුදෙව්වරුන් නිසා ඔහු කැඳවා චර්මඡේද්‍යකෙළේය. මක්නිසාද ඔහුගේ පියා ග්‍රීකයෙක් බව ඒ සියල්ලෝ දැනගන සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 පාවුලු, තමා සමඟ ඔහු කැඳවාගෙන යන්නට අදහස් කර, ඒ පළාත්වල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මඡේදනය කෙළේ ය. මන්ද, ඔහුගේ පියා ග්‍රීකයෙකු බව සියල්ලන් දැන සිටි හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 තිමෝති ද ගමනට සහභාගි කරවා ගැනීමට පාවුල්ට ඕනෑ විය. එබැවින් පාවුල්, ඔහු චර්මඡේද කළේ ය. එසේ කළේ, ඒ පෙදෙස්හි විසූ යුදෙව්වන් නිසා ය. ඔහුගේ පියා ග්‍රීකයකු වග ඒ හැම දැන සිටි හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 පාවුලු, තමා සමඟ ඔහු කැඳවාගෙන යන්නට අදහස් කර, ඒ පළාත්වල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මඡේදනය කෙළේ ය. මන්ද, ඔහුගේ පියා ග්‍රීකයෙකු බව සියල්ලන් දැන සිටි හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:3
10 හුවමාරු යොමු  

එහෙත් මා සමඟ සිටියාවූ ග්‍රීකයෙක් වන තීතස්ට නුමුත් රහසින් ඇතුල්වුණ බොරු සහෝදරයන් නිසාවත් චර්මඡේද්‍යය ලබන්ට බලකළේ නැත.


යුදෙව්වරුන් දිනාගන්නා පිණිස යුදෙව්වරුන් අතරෙහි යුදෙව්වෙකු මෙන්ද ව්‍යවස්ථාව යටතේ නොසිටින මම ව්‍යවස්ථාවට යටත්වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ව්‍යවස්ථාව යටතේ සිටින කෙනෙකු මෙන්ද වුණෙමි.


මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.


(මක්නිසාද චර්මඡේද්‍යයේ ප්‍රේරිතකමට පේතෘස් තුළෙහි ක්‍රියාකළාවූ තැනන්වහන්සේම අන්‍යජාතීන් උදෙසා මා තුළ ක්‍රියාකළසේක.)


දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීම මිස චර්මඡේද්‍යය කිසිත් නැත, අචර්මඡේද්‍යයද කිසිත් නැත.


නුමුත් පාවුල් සීලස් තෝරාගෙන, සහෝදරයන් විසින් ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහයට භාරදෙනලදුව පිටත්වී,


බාර්ණබස්ද මාර්ක් නම්ලත් යොහන්ද තමුන් සමඟ කැඳවාගන යන්ට කැමැතිවූයේය.


රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.


ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්