Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 16:24 - Sinhala Revised Old Version

24 ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුල් හිරගෙයි දමා, ඔවුන්ගේ පාද සවිලෙස දඬුගැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මෙසේ අණ ලැබූ ඔහු, ඔවුන් ඇතුළු සිරකාමරයේ දමා, ඔවුන්ගේ පාද දඬුකඳන්වල සවි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 එවැනි අණක් ලද බැවින්, ඔවුන් ඇතුළු සිර කුටියක ලූ හෙතෙම ඔවුන්ගේ පා දඬුකඳේ ගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මෙසේ අණ ලැබූ ඔහු, ඔවුන් ඇතුළු සිරකාමරයේ දමා, ඔවුන්ගේ පාද දඬුකඳන්වල සවි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:24
11 හුවමාරු යොමු  

මාගේ පාද දඬුගසනසේක; මාගේ සියලු මාවත්වල මුරකරනසේකැයි කීවෙහිය.


ක්ෂයවෙන්නාවූ දිරාගිය දෙයක් මෙන්ද කාවුන් කෑ වස්ත්‍රයක් මෙන්ද වෙම් නමුත්,


උමතුකම්කර අනාගතවාක්‍ය කියන සියලුදෙනා කෙරෙහි නුඹලා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මුලාදෑනීන් වන පිණිසත්, නුඹ එබඳු අය දඬුකඳේද විලංගුවලද දමන පිණිසත්, යෙහෝයාදා පූජකයා වෙනුවට ස්වාමීන්වහන්සේ නුඹ පූජකයා කළසේක.


මා යොනාතාන්ගේ ගෙයි නොමැරෙන පිණිස එහි මා නැවත නාරින ලෙස මාගේ කන්නලව්ව රජ්ජුරුවන් ඉදිරියෙහි ඔප්පුකෙළෙමියි කියන්නැයි යෙරෙමියාට කීවේය.


ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය; ඔහු යදම්වලින් බඳිනලද්දේය.


එවිට ආසා තෙමේ දිවස් ඇත්තා කෙරෙහි කෝපව ඔහු හිරගෙයි දැමීය; මක්නිසාද ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස්ව සිටියේය. එම කාලයේම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩාකෙළේය.


නුඹලා මොහු හිරගෙයි ලා මා සමාදානයෙන් එනතුරු මොහුට දුක් සහිත කෑමද දුක් සහිත වතුරද දෙන්නැයි රජු කියන්නේය කියා කියන්නැයි කීවේය.


එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්