Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 16:20 - Sinhala Revised Old Version

20 මුලාදෑනීන් ඉදිරියෙහි සිටෙවුවෝය, නඩුකාරයන් ළඟටද ඔවුන් ගෙනගොස්: යුදෙව්වරුවූ මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඉන්පසු නඩුකාරයන් ළඟට ද ඔවුන් ගෙන ගොස්, “ජුදෙව්වරුන් වන මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 ඉන්පසු විනිසුරුවන් වෙත ඔවුන් ගෙන ගිය ඔවුහු, “මොවුන් යුදෙව්වො; මොවුන් අප නගරයේ මහ කැලඹීමක් ඇති කරමින්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඉන්පසු නඩුකාරයන් ළඟට ද ඔවුන් ගෙන ගොස්, “ජුදෙව්වරුන් වන මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:20
14 හුවමාරු යොමු  

කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.


නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.


නුමුත් මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාරකන බව අපි දනිමුව. එබැවින් නුඹ සිතන්නේ මොකද කියා නුඹෙන් අසන්ට කැමැත්තෙමුයයි කීවෝය.


නුමුත් ඔහු යුදෙව්වෙක් බව ඔව්හු දැනගත් විට: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීය කියා දෙපැයක් පමණ සියල්ලෝම එක හඬින් මොරගැසූහ.


ක්ලෞදියස් සියලු යුදෙව්වරුන්ට රෝමයෙන් අහක්ව යන්ට අණකර තිබුණු බැවින්, ඉතාලියෙන් අලුත ආවාවූ පන්තස්හි උපන් මනුෂ්‍යයෙක්වූ අකිලානම් එක්තරා යුදෙව්වෙක් ප්‍රිස්කිලා නම් ඔහුගේ භාර්යාව සමඟ පාවුල්ට සම්බවී, ඔහු ඔවුන් වෙතට ගොස්,


හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය.


අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.


නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්,


රෝමයන්වූ අප විසින් පිළිගන්ටවත් පවත්වන්ටවත් නුසුදුසුවූ චාරිත්‍ර උගන්වතියි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්