Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 15:6 - Sinhala Revised Old Version

6 ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ප්‍රේරිතවරයෝ ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 මෙම ප්‍රශ්නය සමාලෝචනය කරනු පිණිස, අපෝස්තුලුවරු හා සභා-මූලිකයෝ එක්රැස් වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:6
12 හුවමාරු යොමු  

මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.


නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.


දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමය නිසා තමුන්ගේ ජීවිත උපද්‍රවයට පැමිණවූ,


පසුවදා පාවුල් අප සමඟ යාකොබ් වෙතට ගියේය; සියලු වැඩිමහල්ලෝද එහි සිටියෝය.


ඔව්හු යෙරුසලමට පැමිණි කල සභාව විසින්ද ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් විසින්ද පිළිගන්නාලදුව, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියලු දේ දැන්වුවෝය.


එවිට දොළොස්දෙනා ගෝල සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: අප විසින් දෙවියන්වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවයකිරීම සුදුසු නැත.


මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.


ඔව්හු එසේ කරමින්, බාර්ණබස් සහ සාවුල් අත වැඩිමහල්ලන්ට ඒවා හැරියෝය.


එහෙයින් පාවුල්ද බාර්ණබස්ද ඔවුන් සමඟ මහත් භේදයක් සහ වාදයක් ඇතිවූ කල්හි, පාවුල් සහ බාර්ණබස්ද ඔවුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරන පිණිස යෙරුසලමට යන්ට නියමකරනු ලැබුවෝය.


එකල තමුන්ගේ සමාගමෙන් මනුෂ්‍යයන් තෝරාගන පාවුල් හා බර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැයි ප්‍රේරිතයන්ටද වැඩිමහල්ලන්ටද මුළු සභාවටද පෙනීගියේය; තෝරාගනු ලැබුවෝ නම් සහෝදරයන් අතරේ ප්‍රධානවූ අය වන බර්සබ්බස් නම්ලත් යූදස් සහ සීලස්ය.


ඔව්හු නුවරින් නුවරට ගමන්කරද්දී යෙරුසලමේ සිට ප්‍රේරිතයන් විසින්ද වැඩිමහල්ලන් විසින්ද පනවනලද නියෝග පවත්වන්ට ඔවුන්ට භාරදුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්