Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 15:36 - Sinhala Revised Old Version

36 කීප දවසකට පසු පාවුල් බාර්ණබස්ට කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාශකළාවූ සියලු නුවරවල වසන සහෝදරයෝ කෙලෙස සිටිත්දැයි අපි නැවත ගොස් බලමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 කීප දවසකට පසු පාවුලු බාර්ණබස්ට කතා කොට: “අපි සමිඳාණන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කළ සියලු නුවරවල වසන සහෝදරයන්ගේ දුක් සැප කෙසේ දැ යි බලන පිණිස නැවත යමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

36 කීප දවසකට පසු පාවුල්, බාර්ණබස් අමතමින්, “අපි ස්වාමින්වහන්සේගේ වචනය දේශනා කළ නගර සියල්ලට ආපසු ගොස්, ඒවායේ සහෝදරයින් බැහැදැක, ඔවුන් කෙලෙස කටයුතු කරන්නේදැයි සොයා බලමු” යි යෝජනා කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 කීප දවසකට පසු පාවුලු බාර්ණබස්ට කතා කොට: “අපි සමිඳාණන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කළ සියලු නුවරවල වසන සහෝදරයන්ගේ දුක් සැප කෙසේ දැ යි බලන පිණිස නැවත යමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:36
21 හුවමාරු යොමු  

ඔව්හු ඒ දැන, ලුකෝනියේ නුවරවල්වූ ලුස්ත්‍රාවටද දර්බයටද අවට පළාතටද පලාගොස්,


මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය.


එහෙත් ඔව්හු තමුන්ගේ පාදවල ධූලි ඔවුන්ට විරුද්ධව ගසා දමා, ඉකෝනියට පැමිණියෝය.


බාහිරවූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය.


මක්නිසාද නුඹලා ස්ථිරවන හැටියට නුඹලාට යම් කිසි ආත්මික දීමනාවක් දෙන ලෙස නුඹලා දක්නට ආශාවෙමි.


තවද ඉකෝනියේදී ඔව්හු එක්ව යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වී, යුදෙව්වරුන්ගෙන්ද ග්‍රීක්වරුන්ගෙන්ද මහත් සමූහයක් අදහාගන්නා පරිද්දෙන් කථාකළෝය.


මෝසෙස් තමාගේ මාමා වූ යෙත්‍රෝ වෙතට හැරීගොස්: මිසරයෙහි සිටින මාගේ සහෝදරයෝ තවම ජීවත්ව සිටින්නෝදැයි බලන පිණිස ඔවුන් වෙතට හැරීයන්ට මට අවසර දුනමැනවියි කීයේය. සමාදානයෙන් යන්නැයි යෙත්‍රෝ මෝසෙස්ට කීවේය.


එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි.


දැන් තිමෝතියස් නුඹලා වෙතින් අප ළඟට ඇවිත්, නුඹලාගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම නුඹලා අප හොඳාකාර සිහිපත්කරමින්, අප නුඹලා දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට නුඹලාත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල,


ඔව්හු ඒ නුවර ශුභාරංචිය දේශනාකොට, බොහෝ දෙනෙක් ගෝලයන් කර, ලුස්ත්‍රාවටද, ඉකෝනියටද අන්තියෝකියටද හැරී ඇවිත්:


ඔහු සතළිස් අවුරුදු වයසට ළංවූ කල ඉශ්‍රායෙල් පුත්‍රයන් වන තමාගේ සහෝදරයන් බලන්ට යන ලෙස ඔහුගේ සිතෙහි අදහසක් හටගත්තේය.


ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, නුඹලා මා බලන්ට නාවහුයයි කියනසේක.


වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ සෙනඟ පෝෂණයකරන එඬේරුන්ට විරුද්ධව මෙසේ කියනසේක: නුඹලා මාගේ බැටළුවන් බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහුය; බලව, නුඹලාගේ ක්‍රියාවල නපුරුකමට නුඹලාට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.


එකල අධිපති තෙමේ සිද්ධවූ දේ දැක, ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීමට විස්මපත්ව, අදහාගත්තේය.


මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඈට මක්වේද කියාත් දැනගන්න පිණිස ස්ත්‍රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්