Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 14:20 - Sinhala Revised Old Version

20 නුමුත් ගෝලයන් ඔහු අවට රැස්ව සිටි කල, ඔහු නැගිට නුවරට ඇතුල්වී, පසුවදා බාර්ණබස් සමඟ දර්බයට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත් ශ්‍රාවකයන් ඔහු අවට රැස් ව සිටි කල, ඔහු නැඟිට නුවරට ඇතුළු වී, පසුදා බාර්ණබස් සමඟ දර්බයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 එහෙත් ගෝලයින් පැමිණ, ඔහු වට කොට ගත් කළ, යළි නැගී සිටි පාවුල් ආපසු නගරයට අවුත්, පසුවදා බාර්ණබස් සමඟ දර්බය බලා පිටත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත් ශ්‍රාවකයන් ඔහු අවට රැස් ව සිටි කල, ඔහු නැඟිට නුවරට ඇතුළු වී, පසුදා බාර්ණබස් සමඟ දර්බයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 14:20
13 හුවමාරු යොමු  

නාඳුනනු ලබන්නන් මෙන් පෙනෙන නුමුත් හොඳට අඳුනනු ලබන්නන් මෙන්ද, මැරෙන්නාක්මෙන් පෙනෙන නුමුත්, බලව, ජීවත්වෙන්නන් මෙන්ද, දඬුවම් ලබන්නාක්මෙන් පෙනෙන නුමුත් මරනු නොලබන්නන් මෙන්ද;


කෝලාහලය නැවතුණු පසු පාවුල් ගෝලයන් කැඳවා අවවාදකොට, ඔවුන්ට ආයුබෝවන් කියා, මකිදෝනියට යන්ට පිටත්වුණේය.


එකල ඔව්හු හිරගෙයින් පිටත්ව ගොස් ලිදියාගේ ගෙට පැමිණියෝය. එහිදී සහෝදරයන් දැක, ඔවුන් ධෛර්ය කොට පිටත්ව ගියෝය.


ඔව්හු ඒ දැන, ලුකෝනියේ නුවරවල්වූ ලුස්ත්‍රාවටද දර්බයටද අවට පළාතටද පලාගොස්,


තවද ඔහු දර්බයටත් ලුස්ත්‍රාවටත් ආවේය. ඇදහිලිවන්ත යුදෙව් ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ තිමෝතියස් නම් ගෝලයෙක් එහි සිටියේය;


තවද ඔව්හු ගෝලයන් සමඟ එහි බොහෝ කලක් සිටියෝය.


නුමුත් ඔහු ඔවුන්ට නිශ්ශබ්දවෙන්ට අතින් සංඥාකොට, ස්වාමීන්වහන්සේ තමා හිරගෙයින් පිටතට ගෙනා හැටි ඔවුන්ට ප්‍රකාශකොට: යාකොබ්ටද සහෝදරයන්ටද මේ කාරණා දන්වන්නැයි කියා, පිටත්ව වෙන තැනකට ගියේය.


ඔහු සම්බව, අන්තියෝකියට කැඳවාගන ආවේය. තවද ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහිම සභාව සමඟ රැස්ව, මහත් සමූහයකට ඉගැන්නුවෝය; ගෝලයෝ ක්‍රිස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදීය.


අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.


එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයෙහි විසූ සහෝදරයන්ට ආධාරෝපකාර යවන්ට නියමකරගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්