Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 14:2 - Sinhala Revised Old Version

2 නුමුත් අකීකරුවූ යුදෙව්වරු අන්‍ය ජාතීන්ගේ සිත් කලඹා, ඔවුන් සහෝදරයන්ට විරුද්ධව එදිරිකෙරෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එහෙත් අදහා නොගත් ජුදෙව්වරු විජාතීන් කළඹා, ඔවුන්ගේ සිත් සහෝදරයනට විරුද්ධ ව පෙළඹුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 එහෙත් අදහා ගැනීම ප්‍රතික්ෂේප කළ සෙසු යුදෙව්වෝ, විජාතිකයින් කලඹා, සහෝදරවරුනට එරෙහිව ඔවුන්ගේ සිත් දූෂ්‍ය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එහෙත් අදහා නොගත් ජුදෙව්වරු විජාතීන් කළඹා, ඔවුන්ගේ සිත් සහෝදරයනට විරුද්ධ ව පෙළඹුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 14:2
14 හුවමාරු යොමු  

නුමුත් යුදෙව්වරු භක්තිවන්ත කුල ස්ත්‍රීන්ද නුවර ප්‍රධානීන්ද පොලඹවා, පාවුල් සහ බාර්ණබස්ට විරුද්ධව පීඩාවක් උපදවා, තමුන්ගේ සීමාවලින් ඔවුන් පිටතට ලූවෝය.


නුමුත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, අධමයන් අතරෙන් සමහර අසත්පුරුෂයන් කැඳවාගන, සමූහයක් රැස්කරවා, නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ, සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත්කළෝය.


නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය.


නුමුත් යුදෙව්වරු සමූහයන් දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල් විසින් කියනලද කාරණාවලට විරුද්ධව කථාකරමින් අපහාසකළෝය.


නුමුත් පාවුල් විසින් බෙරීයයෙහිදීත් දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව තෙසලෝනිකයේ යුදෙව්වරු දැන, එතැනටත් පැමිණ, සමූහයා පොලඹා කැලඹෙවුවෝය.


එහෙත් ගලියෝ අකායේ අධිපතියාව සිටියදී යුදෙව්වරු එක්සිත්ව පාවුල්ට විරුද්ධව නැගිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්:


පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.


මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:


නුමුත් නුවර සමූහයෝ භේදව, සමහරෙක් යුදෙව්වරුන්ගේ පක්ෂයටද අන් සමහරෙක් ප්‍රේරිතයන්ගේ පක්ෂයටද සිටියෝය.


අන්‍යජාතීන්ද යුදෙව්වරුන්ද තමුන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහකරන්ටත් ගල්ගසන්ටත් යෝජනාවක් කළ කල්හි,


මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේම රටවැසියන්ගෙන් වින්දහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්