Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 14:18 - Sinhala Revised Old Version

18 ඔව්හු මෙසේ කීමෙන්, තමුන්ට පූජා ඔප්පු නොකරන ලෙස සමූහයන් අමාරුවෙන් වැලැක්වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔවුන් එසේ කී නමුත්, තමනට පූජා ඔප්පු කිරීමෙන් ජනයා වළක්වා ගත හැකි වූයේ ඉතා අමාරුවෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 එහෙත් ඒ වචනවලින් පවා තමනට පූජා ඔප්පු කිරීමෙන්, ජනතාව වැළැක්වීම ඔවුනට හැකි වූයේ මහත් අසීරුවෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔවුන් එසේ කී නමුත්, තමනට පූජා ඔප්පු කිරීමෙන් ජනයා වළක්වා ගත හැකි වූයේ ඉතා අමාරුවෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 14:18
8 හුවමාරු යොමු  

එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක.


එවිට ඔව්හු: අහකට යන්න, මේකා නැවතී සිටින්ට ඇවිත් විනිශ්චයකාරයෙක් වෙන්ට හදයි. දැන් ඔවුන්ට වඩා තදබලව තට ක්‍රියාකරන්නෙමුයයි කීවෝය. ඔව්හුද: ඒ මනුෂ්‍යයා, එනම්, ලොත් තදින් තෙරපා දොර බිඳින පිණිස ළංවූවෝය.


ස්වාමීන්වහන්සේද: බලව, ඔව්හු එක සෙනඟක්ය, ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය; ඔවුන් කරන්ට පටන්ගන්නා දේ මේය; ඉදින් ඔවුන් කරන්ට අදහස්කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය.


මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.


එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.


නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්