Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 13:17 - Sinhala Revised Old Version

17 මේ ඉශ්‍රායෙල් සෙනඟගේ දෙවියන්වහන්සේ අපේ පියවරුන් තෝරාගන, මිසර දේශයෙහි විදේශීව සිටියදී සෙනඟ උසස්කොට, බලවත් බාහුවකින් ඔවුන් එයින් පිටතට ගෙනාසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 ඉශ්‍රායෙල් ජනයාගේ දෙවියන්වහන්සේ, අප ආදි පියවරුන් තෝරා ගෙන, ඔවුන් ඊජිප්තු දේශයේ සිටියදී, ඔවුන් සමෘද්ධ කර, වික්‍රමාන්විත බලයකින් එම දේශයෙන් පිටතට ඔවුන් ගෙන ආ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 13:17
42 හුවමාරු යොමු  

නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.


අමෝරිවරුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹලා මිසර දේශයෙන්ගෙන්වා, සතළිස් අවුරුද්දක් නුඹලා කාන්තාරයෙහි ගෙනගියෙත් මමය.


නුමුත්, මාගේ මෙහෙකරුවූ යාකොබ්, මා විසින් තෝරාගත් ඉශ්‍රායෙල්, දැන් අසන්න.


මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක.


අපට දුක්වේ! මේ බලවන්ත දෙවිවරුන්ගේ අතින් අප ගළවන්නේ කවුද? මේ වනාහි කාන්තාරයේදී මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහරදුන් දෙවිවරුය.


මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය, ස්වාමීන්වහන්සේද පොළෝතලයෙහි වසන සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.


සැත්තෑදෙනෙක්වූ නුඹේ පියවරු මිසර දේශයට බැස ගියෝය; දැනුදු නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අහසේ තාරකා මෙන් ගණනින් නුඹ වැඩිකළසේක.


ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹ ඇතුල්වෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසාවත් නුඹේ සිතේ අවංකකම නිසාවත් නොවේ. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය.


නුඹේ ඇස්වලින් දුටු මහත් පරීක්ෂණද ලකුණුද ආශ්චර්යයන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පිටතට ගෙනාවාවූ ඒ බලසම්පන්න හස්තය හා දිගුකළ බාහුවද මනාකොට සිහිකරගන්න. නුඹ භයවෙන්නාවූ සියලුම ජනයන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේම කරනවා ඇත.


උන්වහන්සේ නුඹේ පියවරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන්ට පසුව ඔවුන්ගේ වංශය තෝරාගෙන, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් නුඹ ඉදිරිපිටින් පන්නාදමා නුඹ ඇතුළට පමුණුවා,


නොහොත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී නුඹලාගේ ඇස් ඉදිරියෙහි නුඹලා උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?


එහෙත් අද තිබෙන්නාක්මෙන් නුඹලා තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ නුඹලා රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් නුඹලා පිටතට ගෙනාසේක.


ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් බව දැන් දනිමි. එසේය, ඔවුන් උඩඟු ලෙස මොවුන්ට විරුද්ධව හැසුරුණු කාරණයේදී උන්වහන්සේ එසේම වූසේකැයි කීයේය.


ඒක නුඹේ අතෙහි ලකුණක් පිණිසද ඇස් අතරෙහි නළල් පටි පිණිසද වන්නේය. මක්නිසාද ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් අප පිටතට ගෙනාසේකැයි ඔහුට කියන්නැයි කීවේය.


තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක.


ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.


ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්