Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 12:22 - Sinhala Revised Old Version

22 සෙනඟ හඬනගා කථාකොට: මෙය මනුෂ්‍යයෙකුගේ හඬ නොව දෙවිකෙනෙකුගේ හඬයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ජනයා කෑගසමින්, “මෙය මිනිසෙකුගේ කටහඬ නොව, දෙවි කෙනෙකුගේ හඬ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 “මේ නම් දෙවියකුගේ කටහඬකි; මිනිසකුගේ නො වේ” යි ජනයා කෑ මොර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ජනයා කෑගසමින්, “මෙය මිනිසෙකුගේ කටහඬ නොව, දෙවි කෙනෙකුගේ හඬ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 12:22
9 හුවමාරු යොමු  

මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවරෙකුට හැකිදැයි කීවෝය.


මොව්හු මැසිවිලි කියන්නෝය, කොඳුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය.


රජ්ජුරුවෙනි, කවුරුනුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා රාජ පනතක් පනවා, ස්ථිර තහනමක් පිහිටුවන්ට රාජ්‍යයේ සියලු අමාත්‍යයෝද අධිපතිවරුද දිසාපතීහුද මන්ත්‍රීවරුද ආණ්ඩුකාරයෝද මන්ත්‍රණයකරගත්තෝය.


ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.


නියම දවසක හෙරොද් රාජාභරණ පැළඳ සිංහාසනය පිට හිඳ, ඔවුන්ට ප්‍රසිද්ධ කථාවක් කෙළේය.


ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.


මැඩියෝ නුඹ සහ නුඹේ සෙනඟ පිටටත් නුඹේ සියලු මෙහෙකරුවන් පිටටත් නගින්නෝයයි කියවයි කීසේක.


ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්