Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 10:34 - Sinhala Revised Old Version

34 එවිට පේතෘස් තමාගේ මුඛය හැර කථාකොට: සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එවිට පේදුරු මෙසේ කී ය: “දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 එවිට කතාව ඇරඹූ පේතෘස්, “දෙවියන්වහන්සේ පක්ෂග්‍රාහී නො වන වග, සත්තකින්ම මට දැන් වැටහේ. තවද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එවිට පේදුරු මෙසේ කී ය: “දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 10:34
23 හුවමාරු යොමු  

මක්නිසාද දෙවියන්වහන්සේ තරාතිරම් නොබලනසේක.


එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව ප්‍රවේසමින් ක්‍රියාකරන්න; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අයුක්තියක්වත් මනුෂ්‍යයන්ගේ තරාතිරම් බැලීමක්වත් අල්ලස් ගැනීමක්වත් නැතැයි විනිශ්චයකාරයන්ට කීවේය.


මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.


මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය.


එසේනම් අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නාවූ, දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනන්වහන්සේට එසේ කියන්නේ කොහොමද? මක්නිසාද ඔවුන් සියල්ලෝම උන්වහන්සේගේ අත්වල කර්මාන්තය.


තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චයකරන තැනන්වහන්සේට පියාණෝය කියා නුඹලා යාච්ඤාකරන්නහු නම්, නුඹලාගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරන්න.


ස්වාමිවරුනි, නුඹලාගෙත් ඔවුන්ගෙත් ස්වාමීන්වහන්සේ ස්වර්ගයෙහි සිටින බවද උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බවද දැන, තර්ජනකිරීමෙන් වැලකී, ඔවුන්ට එම දේවල් කරන්න.


ඔව්හු: ආචාරීන්වහන්ස, ඔබ යුතුලෙස කථාකරන බවත් උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, සැබෑලෙස දෙවියන්වහන්සේගේ මාර්ගය උගන්වන බවත් දනිමුව.


නුමුත් තරාතිරම් සලකන්නෝ නම්, නුඹලා වරදකාරයන් බව ව්‍යවස්ථාවෙන් ඔප්පුවෙන බැවින් නුඹලා කරන්නේ පාපයය.


එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.


නුමුත් ප්‍රධානයන්ය කියා සිතනලද තැනැත්තන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත. (ඔවුන් කොහොම අයවල්ව සිටියත් මට කමක් නැත; දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ තරාතිරම නොබලනසේක.) එසේය, ඒ ප්‍රධානයන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත.


නුඹලා භේදවූ අදහස් ඇත්තෝව, නපුරු සිතිවිලිවලින් යුක්ත විනිශ්චයකාරයෝ නොවන්නෝද?


නුඹ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය.


ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමුන්ගේ ගෝලයන් උන්වහන්සේ ළඟට යැවුවෝය. ඔව්හුද: ආචාරීන්වහන්ස, ඔබ සැබෑ කෙනෙක් බවත්, දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු.


එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක–


එවිට පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් පටන්ගෙන, යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේය.


විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. නුඹලාට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.


එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.


උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක.


නැත්නම් දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ පමණක්ද? අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේ නොවේද? එසේය, අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේය.


මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්