Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 1:17 - Sinhala Revised Old Version

17 මක්නිසාද ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ මෙහෙයේ තමාගේ කොටස ලැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 ඔහුත් අප සමඟ ගණන් ගනු ලැබ, මෙම සේවයේ තමාගේ කොටස ලැබී ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 1:17
13 හුවමාරු යොමු  

ඒ මෙහෙයත් ප්‍රේරිතකමේ ස්ථානයත් ලැබීමට මොවුන් දෙන්නාගෙන් ඔබ විසින් තෝරාගත් තැනැත්තා පෙන්නුව මැනවයි කියා,


ඔහු ඔවුන්ට ආචාරකොට, තමාගේ මෙහෙයෙන් දෙවියන්වහන්සේ අන්‍යජාතීන් අතරෙහි කෙරෙවුවාවූ කාරණා එකක් එකක් පාසා කියාදුන්නේය.


නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.


මම ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂාකෙළෙමි. මම ඔවුන් ප්‍රවේසම්කෙළෙමි, ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නූණේය.


උන්වහන්සේ පාවාදුන් යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය. උන්වහන්සේ ගෙදරකට පැමිණිසේක.


සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.


ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.


බාර්ණබස්ද සාවුල්ද තමුන්ගේ උපස්ථානය සම්පූර්ණකොට, මාර්ක් නම්ලත් යොහන් කැඳවාගෙන, යෙරුසලමෙන් හැරී ආවෝය.


උන්වහන්සේ කථාකරද්දීම, බලව, සමූහයක් ආවෝය; දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් කියන අයද ඔවුන්ට පෙරටුව ඇවිත් යේසුස්වහන්සේ සිඹින පිණිස උන්වහන්සේට ළංවුණේය.


යාකොබ්ගේ පුත්‍රවූ යූදස් සහ ද්‍රෝහියාවු යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය.


කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්