Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ඔබදියා 1:13 - Sinhala Revised Old Version

13 මාගේ සෙනඟගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ දොරටුවලට ඇතුල් නොවන්න; එසේය, ඔවුන්ගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ විපත්තිය නොබලන්න, ඔවුන්ගේ නාස්තිවීමේ දවසේදී ඔවුන්ගේ සම්පත්වලට අත නොපොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මාගේ සෙනඟ විපතට පත් වන දවසේ දී ඔවුන්ගේ නගරයට ඇතුල් නොවන්න. ඔවුන් විපතට පත් වන දවසේ දී, ඔවුන්ගේ දුක දැක ප්‍රීති නොවන්න. ඔවුන් විපතට පත් වන දවසේ දී ඔවුන්ගේ ධනයට අත වත් නොතබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මාගේ සෙනඟ විපතට පත් වන දවසේ දී ඔවුන්ගේ නගරයට ඇතුල් නොවන්න. ඔවුන් විපතට පත් වන දවසේ දී, ඔවුන්ගේ දුක දැක ප්‍රීති නොවන්න. ඔවුන් විපතට පත් වන දවසේ දී ඔවුන්ගේ ධනයට අත වත් නොතබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ඔබදියා 1:13
9 හුවමාරු යොමු  

සමහරවිට මට කරනලද අයුක්තිය දෙස ස්වාමීන්වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනවා ඇතැයි කීවේය.


මට වෛරවූ අයට පැමිණි විනාශයට මම සන්තෝෂවී, ඔහු විපත්තියට අසුවූ විට ප්‍රීතිවීම්නම්,


මාගේ ඇට සියල්ල ගණන්කළ හැක්කෙමි; ඔව්හු මා දෙස රවා බලති.


ඈ තුළ සිටින ඇගේ කුලීකාර හේවායොත් තර කරපු වස්සන්ට සමානය; මක්නිසාද ඔව්හු පවා පස්සට හැරී එක්ව පලාගියෝය. ඔවුන්ගේ විපත්ති දවස එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ කාලය ඔවුන් පිටට පැමුණුණු නිසා ඔව්හු නොසිටියෝය.


ස්වාමීන්වහන්සේ මෙහි සිටියදීත් නුඹ: මේ ජාති දෙකද මේ රටවල් දෙකද මට අයිතිවන්නේය කියාත් අපි එය හිමිකරගන්නෙමුය කියාත් කී බැවින්–


නුඹ නිරන්තරයෙන් සතුරුකම පවත්වමින් සිට අන්තිමයේ අයුතුකමේ කාලයට පැමුණුණු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විපත්ති කාලයේදී ඔවුන් කඩුවේ බලයට පාවාදුන් බැවින්,


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–සතුරා නුඹලා ගැන කථාකොට: ඔහෝ, පුරාණ උසස්ථාන අපට උරුමයක් වී තිබේයයි කියන බැවින්,


නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. ඉතුරු ජාතීන්ට නුඹලා උරුමයක් වෙන පිණිස ඔවුන් නුඹලා පාළුකළ බැවින්ද නුඹලා වටකර හතිදමමින්ද ඉවඅල්ලන බැවින්ද නුඹලා තොල්වල දෙඩීමක්ව සෙනඟ අතරේ නින්දාවක්ව සිටින බැවින්ද,


නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්