Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 8:8 - Sinhala Revised Old Version

8 දෙවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් වැනිවූ දෙයක් මුහුදේ හෙළනු ලැබුවේය. මුහුදෙන් තුනෙන් පංගුවක් ලේ වුණේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 දෙවැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට ගින්නෙන් ඇවිලෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදේ හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් කොටසක් ලේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 දෙවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ගිනි ඇවිළෙන යෝධ කන්දක් වැනි යමක් මුහුදට හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් එකක් ලෙයට හැරිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 දෙවැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට ගින්නෙන් ඇවිලෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදේ හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් කොටසක් ලේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 8:8
13 හුවමාරු යොමු  

එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.


සැබවක් නුඹලාට කියමි–කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.


පළමුවෙනියා පිම්බේය, එවිට ලෙයින් මිශ්‍රවූ ගල්වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේය. පොළොවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේය, ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියේය, සියලු අමු තණකොළද දාලාගියේය.


තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහරදෙන්ටත් ඔවුන්ට බලය තිබේ.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය.


අනාගතවක්තෘ රැවටී වචනයක් කියනවා නම්, ස්වාමීන්වහන්සේ වන මම ඒ අනාගතවක්තෘ රැවටෙන්ට සැලැස්වීමි, මම ඔහුට විරුද්ධව මාගේ අත දිගුකොට, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අතරෙන් ඔහු නාස්තිකරන්නෙමි.


තවද මුළු දේශයෙහි තුනෙන් දෙකොටසක් සිඳදමනු ලැබ මැරෙනවා ඇත; නුමුත් තුන්වෙනි කොටස එහි ඉතිරිවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම්කරනු ලැබ සිටි ඒ දූතයන් සතරදෙනා මුදනු ලැබුවෝය.


උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබුවෝය.


ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේය. සර්පයාද බිහිකරන්ට ආසන්නව සිටි ස්ත්‍රිය බිහිකළ කෙණෙහිම, ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්