Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 8:11 - Sinhala Revised Old Version

11 තාරකාවේ නාමය තික්තකමයයි කියනලදී. වතුරුවලින් තුනෙන් පංගුවක් තික්ත විය; ඒවා තික්ත වී තිබුණු බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුරුවලින් මළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 තාරකාවේ නාමය ‘තික්ත’ යනුයි. වතුරෙන් තුනෙන් කොටසක් තික්ත විය. එය තික්ත වී තිබුණු බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුර බී මළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 ඒ තරුවේ නම තික්ත ය. ජලයෙන් තුනෙන් එකක් ඉන් තිත්ත විණි. තිත්තව තිබූ ඒ ජලයෙන් බොහෝ දෙනා මළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 තාරකාවේ නාමය ‘තික්ත’ යනුයි. වතුරෙන් තුනෙන් කොටසක් තික්ත විය. එය තික්ත වී තිබුණු බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුර බී මළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 8:11
17 හුවමාරු යොමු  

එබැවින් ප්‍රොපේතවරුන් ගැන සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි. මක්නිසාද යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගෙන් දූෂිතය දේශය මුළුල්ලෙහි පැතිර ගියේය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මොවුන්ට, එනම් මේ සෙනඟට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි.


එබැවින් ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවයකරන්ට යන පිණිස අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන සිතක් ඇති පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් පවුලක්වත් ගෝත්‍රයක්වත් නුඹලා අතරෙහි නොසිටින හැටියටත් වසද තිත්තකමද හටගන්වන මුලක් නුඹලා අතරෙහි නොතිබෙන හැටියටත් බලාගන්න.


නොවටිනා දෙයක් ගැන සන්තෝෂවෙන්නාවූ, අපේම බලයෙන් අපි අං ලබා නොගතිමුදැයි කියන්නාවූ තැනැත්තෙනි,


ස්වාමීන්වහන්සේ සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය; නැත්නම් උන්වහන්සේ ගින්නක් මෙන් යෝසෙප් වංශය පිටට පැමිණෙනවා ඇත, බෙතෙල්හි නිවන්ට කෙනෙක් නැතුව එය ඇවිළෙනවා ඇත.


කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව.


එහෙත් ඇගේ අන්තිමය කොසඹ මෙන් තික්තව, දෙමුවහත් කඩුවක් මෙන් තියුණුව තිබේ.


පළමුවෙනියා පිම්බේය, එවිට ලෙයින් මිශ්‍රවූ ගල්වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේය. පොළොවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේය, ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියේය, සියලු අමු තණකොළද දාලාගියේය.


කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,


උන්වහන්සේ මට විරුද්ධව පවුරු ගොඩනගා, තික්තකමෙන්ද ගාවිනාවෙන්ද මා වටකළසේක.


ඈද: මට නායොමියයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක.


ඔවුන් මාරාට පැමුණුණු කල එහි වතුර තික්ත නිසා බොන්ට නොහැකි විය. එබැවින් ඒ ස්ථානයට මාරා යන නම තබනලද්දේය.


තවද මුළු දේශයෙහි තුනෙන් දෙකොටසක් සිඳදමනු ලැබ මැරෙනවා ඇත; නුමුත් තුන්වෙනි කොටස එහි ඉතිරිවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම්කරනු ලැබ සිටි ඒ දූතයන් සතරදෙනා මුදනු ලැබුවෝය.


උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබුවෝය.


ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේය. සර්පයාද බිහිකරන්ට ආසන්නව සිටි ස්ත්‍රිය බිහිකළ කෙණෙහිම, ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්